ශ්‍රි ලංකාවට අවශ්‍ය හදිසි ඖෂධ සහ වෛද්‍ය ආධාර සඳහා ලැබෙන මූල්‍යාධාර විනිවිද පෙනෙන සුළු භාවයකින් යුතුව ලබා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛය සංවිධානය සමඟ එක්ව හවුල් ගිණුමක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ශ්‍රි ලංකාටව් සෞඛ්‍ය සේවයේ පවතින අන්ත දූෂිත ස්වභාවය හේතුවෙන් ලැබෙන ආධාර විවිධ ගසාකෑම්වලට ලක්වීමේ පවතින අවදානම් තත්ත්වය නිසා බොහෝ පරිත්‍යාගශීලීන් රජය මඟින් පාලනය වන ගිණුම්වලට මුදල් යොමු කිරීමේ පවතින අඩු නැඹුරුව බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල ම සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා සන්ඩේ ටයිම්ස් පුවත් පතට ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සමඟ සාකච්ඡා කර ඇති අතර ඒ අනුව මෙවැනි හවුල් ගිණුමක් අරම්භ කිරීමට ඔවුන් ගේ ප්‍රධාන කාර්යාලයද එකඟ වී ඇති බවය. එසේම මෙම හවුල් අරමුදලට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආරම්භක තැන්පතුවක් ලබා දීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.
විදේශ සංචික අර්බුදය හේතුවෙන් ඖෂධ ගෙන්වීමට අදාල ප්‍රමාණවත් විදේශ මුදල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට නිර්මාණය වී ඇති අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හමුවේ ආධාර ලබා දෙන ලෙස පසුගිය කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය විවධ ඉල්ලීම් කළද මෙම ඉල්ලීමට අපේක්ෂා කළ ප්‍රතිචාර නොලැබුණේ දූෂිත වාතාවරණයක් සහිත රාජ්‍ය යන්ත්‍රණය තුළ මෙලෙසින් ලැබෙන විදේශ ආධාර ද ගසා කෑමකට ලක් වේද යන ගැටලුව හේතුවෙන් බව පෙනී ගොස් ඇත.
එබැවින් මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ හවුල් ගිණුමක් ස්ථාපනය කිරීමට කටයුතු සිදු කෙරී ඇත.