අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

අනතුර තේරුම් ගෙන ඒ ගැන කම්පා නොවී ඊට සූදානම් විය යුතු හැටි මහාචාර්ය බුද්ධි මාරඹේ කියයි....

by editor
මැයි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ නිශ්පාදනය වන ආහාර මෙන්ම ආනයනය කරන ආහාර ප්‍රමාණය අඩුවීමත් සමග සැප්තැම්බරය වනවිට ඇතිවීමට හැකි ආහාර හිඟය වළක්වා ගත හැකි බවත් ඊට සමස්ථ ශ්‍රී ලංකා වාසීන්ගේම අහාර පරිභෝජන රටාව වෙනසක් කළ යුතුව ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.

buddhi-marambe
මහාචාර්ය බුද්ධි මාරඹේ

“රටේ සමස්ත ජනතාව මේ පිළිබඳ අවබෝධයෙන් අද සිටම මන්ගේ ආහාර පරිභෝජන රටාව වෙනස් කළ යුතු වෙනවා. ඒ සඳහා කළ යුත්තේ මේ දිනවල වැඩි වශයෙන් පවතින කොස් දෙල් මඤ්ඤොක්කා වැනි ආහාරවලට ප්‍රමුඛතාව දෙමින් තමන් සතුව ඇති සහල් ප්‍රමාණයන් ආරක්ෂා කරගැනීමයි. තම තමන් තමන්ගේ ආහාර රටාව පිළිබඳ අවධාරණය කරමින් හැකි තරම් සහල් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ද ආහාර රටාව වෙනස් කර මින් පවත්වාගෙන යාමද කාලීන විසඳුමක් .

“මේ අතර තම තමන්ගේ කාර්යබහුල ජීවිතය කළමනාකරණය කරගෙන හැකි පමණ මන්ගේ ගෙවත්තේ තමන්ට අවශ්‍ය පලා වර්ග අමුමිරිස් තක්කාලි වැනි ආහාර වගාවට යොමුවන්න… එය අනිවාර්යයි. “ හෙතෙම අවධාරණය කළේය.
ඉකුත් වසරේ සිට දේශීය සහල් නිෂ්පාදනයේ දී වරින් වර මතු වූ විවිධ ගැටලු මත අස්වනු ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු වූ බැවින් සහල් සංචිත ඇතිකර ගැනීමට නොහැකි වූ බව ද හෙතෙම කීය.

මාසිකව පරිභෝජනයට අවශ්‍ය වන සහල් ටොන් එක්ලක්ෂ අනූ පන්දහසක ප්‍රමාණය ඉදිරි ඔක්තෝබරයේ සිට පවත්වා ගත නොහැකි බැවින් සහල් හිඟයක් මතුවීමට ඉඩ ඇති බවද හෙතෙම කීය.

“2021 වසරේ මහ කන්නයේ අස්වැන්න 50% කින් අඩු වූ බැවින් වෙනත් වසර වල මෙන් සහල් ගබඩා කර තැබීමට නොහැකි වුනා. මෙවර යල කන්නයේදී ද වගා කර ඇත්තේ හෙක්ටයාර තුන්ලක්ෂ පහළොස් දහසක් පමණයි. මේ නිසා සැලකිය යුතු මට්ටමින් අස්වැන්න අඩු වෙනවා. 2023 වසරේ මහ කන්නයේ වගා කිරීම සඳහා අවශ්‍ය වන බිත්තර වී ට්‍රික් ටොන් 80,000 ක ප්‍රමාණය සපයා ගන්නේ මෙවර යල කන්යෙන්. ඒ නිසා එය පරිභෝජනයට ගත නොහැකි. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කුමන අර්බුද මැද වුව ද බිත්තර වී නිෂ්පාදනය කරන ගොවීන් ආරක්ෂා කරගැනීම පිණිස ඔවුනට හැකි සහන ලබා දෙමින් තිබෙන්නෙ… බිත්තර වී නිෂ්පාදනය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට ඇමතිවරයා එකඟ වී තිබීම ගැටලු රැසකට පිළිතුරක්…“
මහාචාර්යවරයා කීවේය. තවදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය බුද්ධි මාරඹේ අප ඉදිරියේ පවතින ගැටලුවට විසඳුම විස්තර කරන්නේ මෙසේය.

“යල කන්නයේ වී අස්වැන්න අඩුවන බවට ශෝක වෙමින් ඒ පිළිබඳ පසුතැවෙන වාට වඩා වගා නොකළ ඉඩම්වල ජලය රඳවා තබමින් මුං වැනි බෝග වගා කිරීමට දැන්ම කටයුතු කළ යුතුයි. අපි අපේ පෝෂණ මට්ටම අමතක කරන්න බෑ.   මුං වැනි භෝග වගාවන් සඳහා යොමුවිය යුත්තේ ඒ නිසා…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

Next Post

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.