සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෙ අරගල කරන්න ආවොත් හදිසි නීතිය දාල හමුදාව කැඳවනවා… ජනාධිපති අනතුරු අඟවයි…

අරගලය පුම්බලා රට ගිනි තියපු මාධ්‍ය මොනද හොයන්න කොමිසමක් පත් කරන්නත් ජනපති සූදානම් බව කියයි!

by editor
නොවැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • 17, 19, 22 ව්‍යවස්ථා සංශෝධන ගෙනාව මම හිට්ලර් කෙනෙක් කියලා අල් ජසීරා කියනවා… අල්ජසීරා එකට කියන්නෙ මම හිටලර් කෙනෙක් තමයි… මොකද මට කටාර් නායකයා තරම් “ප්‍රජාතන්ත්‍රවාදී“ වෙන්න බැරි නිසා!

අරගලයකට යළිත් කිසිම ඉඩක් නැති බව “ ඩීන්ඩියම්ලා“ දැනගත යුතු බවත් නැවත අරගලයකට සූදානම් වුවහොත් හදිසි නීතිය ප්‍රකාශ කර හමුදාව කැඳවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී කීවේය.

මැයි 09 සිට ජූලි 13 තෙක් සිද්ධි දාමය මෙහෙයවූ පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ද්විත්ව පුරවැසියෙක් බවත් බැසිල් රාජපක්ෂ යමෙක් එපා කියන්නේ නම් ඒ සමාන බරකින් කුමාර් ගුණරත්නම් ද ප්‍රතික්ෂේප කළ යුතු බවත් ජනාධිපතිවරයා කීවේය.

රටේ ආර්ථිකය ශක්තිමත් වනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිම අදහසක් තමන්ට නැති බව ද හෙතෙම  ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ද කීවේය.

“අද අපි වාසනාවන්ත පුද්ගලයින් මේ සභාවෙ මේ විදිහට වාද කරන්න. ඒත් මැයි 09 සහ ජූලි 13 අතර මේවා තියනව ද නැද්ද කියලා අපි දැනගෙන හිටියෙ නෑ.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මැයි 09 සිද්ධිය ගැන උසාවි ගිහින් තියනවා. එහෙත් අනෙක් පැත්ත බලන්න. එක මන්ත්‍රීවරයෙක් පාරෙ අමු අමුවෙ මරා දැම්මා. (කුමාර වෙල්ගම දෙස බලමින්) අනික්  මන්ත්‍රි තුමා තමයි ගෝඨා ගෝ හෝම් කියලා ඉස්සරවෙලාම කිව්වෙ. ඔබ තුමා අනූ නවයෙන් බේරුනේ.  . හෝමාගම කට්ටිය ඔබතුමා හඳුනා ගත්තු නිසා. නැතිනම් කාර් එකත් එක්කම පුච්චනවා.“

“කොහොමද අපි මේක අනුමත කරන්නෙ. ඒකට මම සම්පූර්ණයෙන් විරුද්ධ වුනා. මේ ගැන  අපි මෙතුමා එක්ක කතා කළා. ආණ්ඩුව වට්ටන්න ඕන කියලා කිව්ව මනුස්සය කාර් එකේ දාලා ගිනි තියන්න හදනවා“

“මෙතන තියන වෙනස්කම් තියනව නැද්ද කියන එක මේක ඇතුලෙ තියන දෙයක්. කවුරුවත් මරාගන්න වැඩක් නෑ. අපි ඒ දේශපාලනයට ගිය‍ා. ගෙවල් ගිනි තිබ්බා. සමහර අය රැස්වීමට ගියෙත් නෑ. ඒ පපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙත්  ගෙවල් ගිනි තබ්බා.“

“මම අහන්නෙ ආණඩු පක්ෂයේ හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියනවා නම් අපි මොකක් ද කරන්න ඕන.“

“විපක්ෂයෙ උනත් ආණ්ඩු පක්ෂයෙ වුනත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න බෑ, මන්ත්‍රිවරු කියන්නෙ අහසින් වැටුණු අය නෙමෙයි. හොඳ අය නරක අය ඉන්නවා. චන්ද දායකයින් තමයි ඒ අයගෙන් 196ක් තේරුවෙ.‍“

“දේශපාලනයට එන්න හදන වෘත්තීය වේදීන් කියනවා අද   ඔවුන්ගේ ගෙදර අය කියනවලු ඕවට ගිහින්  ගෙදර ගිනිතියාගන්න එපා කියලා. අපි ඒ නිසා ඒ අයව බලාගන්න ඕන ආරක්ෂාව දීලා. මොකද නැතිනම් ආසනයේ චන්ඩියො ඉන්න අයට විතරයි එන්න පුලුවන්.  “

“මොකක්ද ජූලි 09 දා උනේ. ජනාධිපතිව පන්නලා දැම්මා. මොකද ජනාධිපති මන්දිරයට වුනේ. ගිහින් බලන්න එකේ නැති කරලා තියන විනාශය.“

“ඊට පස්සේ ජනාධිපති කාර්යාලය අත්පත් කරගත්තා. එතන බිම වාඩි වුනා. එන්න දෙන්නෙ නෑ කිව්වා. මං ලඟ තියනවා ඒ කාලෙ කියපු ඔක්කොම.  අපි යන්නෙ නෑ කියලා විදේශ පත්තරවලට කිව්වා. මගෙ නිවස ගිනි තිබ්බෙ අයින් වෙන්නෙ නෑ කියලා. මම කොහොම ද අයින් වෙන්නෙ. පාර්ලිමේන්තුවෙ බහුතරයක් තිබ්බා.  පාර්ලිමේන්තුවෙ  සර්ව පාක්ෂික ආණ්ඩුවක් තිබ්බ නම් මට අයින් වෙන්න තිබ්බා.“

“ඊලඟ 13 වැනිදා පාර්ලිමේන්තුව අල්ලගන්න ආවා. මේක අරගෙන ගියානම් මොකද වෙන්නෙ.  මා ඒකයි විපක්ෂයට කියන්නෙ. උන එක උනා. එහෙත් මෙහම බලවේගවලට යටත් වෙන්න එපා. මට කෑ ගැහුවා මේක නවත්වන්න හදනවා කියලා.“

“හැමදාම ගිහින් දානවා විදේශ පුවත්පත්වල. මං වාගෙ ඒකාධිපතියෙක් වෙන කොහෙවත් නෑ කියලා. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙත් මම. චන්ද්‍රික මැතිණිය උදව් කළා. 19 ගෙනාවෙත් මම. ඒ වෙලාවෙ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගෙ සහය ලැබුණා. 22 ගෙනාවෙත් මං.“

“දැන් මං හිට්ලර් වාගෙ. ඒකයි වෙලා තියෙන්නෙ. 21ත් ගෙනාවෙ මම. බලන්න අල් ජසීරා එක. මෙයා ඒකාධිපතියෙක්.  මම කිව්වෙ එතුමා කටාර් රාජ්‍ය වගේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙන්න ඕන කියලා.“

“මම අහන්නේ මේකයි. අපේ සම්පූර්ණයෙන් ක්‍රමවේදය නැතිවෙන්න ගියෙ. කවුද මේක පිටිපස්සෙ හිටියෙ. කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙටුගාමී සංවිධානය.“

“අපි 21 සම්ම කරගත්තා. ගොඩ දෙනෙක් කිව්වා බැසිල් රාජපක්ෂ පිටවෙලා යන්න ඕන කියලා ඔහුද්විත්ව පුරවැසියෙක් නිසා.“

“අපි ඒක පිලිගනිමුකො. එහෙමනම් කොහොමද පෙරටුගාමීන් එහෙම කියන්නෙ. ඒකෙ නායකයත් ද්විත්ව පුරවැසියෙක්. ඔස්ට්‍රේලියාවෙයි මෙහෙයි දෙකේම. මෙයා නරක වෙලා එයා හොඳ වෙන්න බෑ.“

ජනතා විමුක්ති පරමුණේ මන්ත්‍රීවරුන් මෙතන නෑ. ඔහුට තියන චෝදනාව මොකක් ද?. උතුරේ යුද්ධය කාලෙ සාම හමුදාවෙ මිනිස්සු මැරුවා කියලා. මේකයි අපේ විමුක්තිය.

මැයි 09 ජූලි මොකද වුනේ. පන්සල් කීපයකට ගිනි තියනවා කියලා කිව්වා. මල්වතු අස්ගිරි විහාරවලට කතා කරන්න එපා කිව්වා. මෙයා ඇවිත් කොහොමද ව්‍යවස්ථාවෙ නව වැනි වගන්තිය ආරක්ෂා කරන්නේ බුද්ධාගම ආරක්ෂා කරනවා කියන එක.

මේ රට ඩීන්ඩියම් පාලනයට ගෙනියන්න කොහොමත් ඉඩ දෙන්නෙ නෑ. ඒ අයට මම ඉඩ දෙන්නෙ නෑ. ඕන කෙනෙකුට පුලුවන් ඕන තරම් රැසවීම් තියන්න.  ඔබතුමන්ලා රැස්වීම් තිබ්බා. ටීඑන්.ඒ රැස්වීම් තිබ්බා. ජෙ.වී.පී එක රැස්වීම් තිබ්බා.  පොලිසියට යන්න… බලපත්‍රය ගන්න…. පාරේ යන්න. ඕන තරම් කෑගහලා යන්න මම හිටලර් වාගෙ කියලා. ඇති තරම් කියන්න….   . එකක් කියන්නම්. බලපත්‍රය අරන් යන්න.“

“වාහන අවහිර කරන්න එපා. වෙන එකක් ඉල්ලන්නෙ නෑ. ඒත් හිතනවා නම් තව අරගලයක් කරන්න පුලුවන් කියලා,  පාරෙ යනවා නම් පර්මිට් නැතිව ඒක නවත්වන්නක ඕන.

ඒක පොලිසියට කියලා තියෙන්නෙ. නිතිඥවරු  එක එක උසාවියෙ ගිහින් කතා කරනවා. අරගලයක් ඇතිකරවනලු…. ආණ්ඩුව වෙනස් කරන්න අරගලයක් කරනවලු. මම ඒකට ඉඩ දෙන්නෙ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ආවොත් කරන්න දෙන්නෙ නෑ. ඩීන් ඩියම්ලට තැනක් නෑ මේ රටේ.“

කුමාර් ගුණරත්නම් එක්ක දැන් කවුද යන්නෙ. එයා හොඳයි නම් බැසිල්ට විරුද්ධව කතා කරන්න බෑ. දැන් රටේ මිනිස්සු ඒ ගොල්ල එක්ක නෑ. මාධ්‍යයෙන් හැදුවට මේ රට ගිනි තියන්න. ගිනි තියන්න කිව්වෙ කොයි මාධ්‍යයද කියලා අනිවාර්යයෙන් බලනවා.  මේකට කොමිෂන් සභාවක් පත්කරනවා.“

මම නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නෙ නැ. ආර්ථිකය ශක්තිමත් වෙනකම්. මේක අපි ආරක්ෂා කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“ගංජා පනත“ අද සිට බලාත්මකයි… කතානායකවරයා අත්සන් තබයි…

Next Post

ජනාධිපතිගේ තර්ජන අපට මායිම් නෑ! විපක්ෂ නායකගෙන් පිළිතුරක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.