සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිගේ තර්ජන අපට මායිම් නෑ! විපක්ෂ නායකගෙන් පිළිතුරක්

by Lankasara News
නොවැම්බර් 23, 2022
in පුවත්
Sajith Premadasa
Share on FacebookShare on Twitter

ආර්ථික ඝාතකයින්ට උත්තමාචාර පිරිනමා ඔවුන්ව රතු පලස් උඩින් පිළිගන්නා ජනාධිපතිවරයා, අප්‍රමාණ දුක් පීඩාවන් උහුලමින් සිටින ජනතාවට ලබා දෙන්නට යන්නේ මර්දනය බව අද ඔහු විසින් පාර්ලිමෙන්තුවේදී කරන ලද ප්‍රකාශයෙන් සහ හැසිරීමෙන් ගම්‍ය වන බවත් එවැනි තර්ජන හෝ ගර්ජන අප මායිම් නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ජනාධිපති රනිල් විකුමසිංහ මහතා විසන් අද දින පාරලිමෙනතුවේදී අරගල කරන ජනතාව සම්බනදයෙන් කරන ලද ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශයක් නිකුත කරමින් තවදුරටත් පවසන්නේ ජනතා අරගලය ඉදිරිපිට පරාජයට පත්ව පසුබැස ගිය රාජපක්ෂලා අතින් සුරක්ෂිතව ගත් යතුර උපයෝගී කරගෙන බලය ලබාගත් ජනාධිපතිවරයා ඉතා නින්දාසහගතව, එකී බලයට මුවාවී කරන ලද අන්තනෝමතික ප්‍රකාශයක් ලෙස එය සැලකිය හැකි බවයි. ඔහු විසින් කරන ලද ප්‍රකාශයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ.

“අරගල කළේ මේ රටේ පුරවැසියන් යන අතර,යම් හෙයකින් අනාගතයේ අරගල කරන්නේත් මේ රටේ පුරවැසියන් ය.ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ එහෙම අරගල කරන මේ රටේ පුරවැසියන් මර්දනය කරන බවය.

රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් අපේ මාතෘභූමිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් ගිය අන්තනෝමතික හිතුවක්කාරී පාලන තන්ත්‍රයට එරෙහිව පක්ෂ පාට බේද නොසලකා මේ රටේ පුරවැසියන් එක්ව සිදුකළ අරගලය කෙලවර වූයේ දුර්ධාන්ත ආණ්ඩුවක් තීරණාත්මක පරාජයකට තල්ලු කරමිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහි ප්‍රතිඵලය වූයේ ජනාධිපති ,අගමැති ප්‍රමුඛ බලසම්පන්න ආණ්ඩුව වෙනස් වී නව ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවක් නිර්මාණය වීමය.එහෙත් එය සිය පසුබැසීමෙන් පසුව රාජපක්ෂලා ප්‍රාර්ථනා කළ වෙනසක් වූ අතර වර්තමාන ජනාධිපතිවරයා ඉටු කරන්නේ ඒ ප්‍රාර්ථනාවය.

මේ රටේ පුරවැසි ජනතාවගේ අනුමැතියෙන් තොරව නිර්මාණය කරගත් විකෘති ආණ්ඩුවක දොරටුපාල මෙහෙවර එය වන අතර ඔහු ඉටුකරමින් සිටින්නේ ඒ කාර්‍යය ය.

කිසිදු ජනතා කැමැත්තකින් තොරව පස්සා දොරෙන් බලයට පත් ව ආර්ථික ඝාතකයන් රැළකගේ රැකවරණය ලබමින් සිදු කරන බියගුලු ප්‍රකාශ වලට මේ රටේ පුරවැසියන් බිය වෙතැයි ජනාධිපතිවරයා කල්පනා කරනවානම් ඔහුට සිහිපත් කළ යුත්තේ මීට මාස කිහිපයකට පෙර සිදුවූ දේශපාලන පෙරළිය නැවත විමසා බලන ලෙසට ය.

ජනතා කැමැත්ත පිළිබඳව හෝ ජනතා පරමාධිපත්‍ය පිළිබඳව විශ්වාස නොකරන ෆැසිස්ට් පන්නයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මේ ප්‍රජාතන්ත්‍රවාදී රට තුළ ඉඩ නොලැබෙන බවත්,එවැන්නක් උදෙසා ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් ලත් තැනම ආපහු හැරවීමට සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙරට එන බවත් සහතික කරමු.

ආර්ථිකමය වශයෙන් විනාස වු රටක එම පිඩනය දරාගත නොහැකි පුරවැසියන් ඊට එරෙහිව නැගි සිටින විට ඔවුන් මර්දනය කරමින් ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන්ගේ රූකඩයක් බවට වත්මන් ජනාධිපතිවරයා පත් ව ඇති නමුත්,මේ රටේ පුරවැසියන් එවැනි රූකඩ නොවන බවද අවධාරණය කරමු.

ආර්ථික ඝාතකයින්ට උත්තමාචාර පිරිනමා ඔවුන්ව රතු පලස් උඩින් පිලිගන්නා ජනාධිපතිවරයා, අප්‍රමාණ දුක් පීඩාවන් උහුලමින් සිටින ජනතාවට ලබා දෙන්නට යන්නේ මර්ධනය බව ඔහුගේ වියරු ප්‍රකාශයෙන් සහ හැසිරීමෙන් ගම්‍ය වන අතර එවැනි තර්ජන හෝ ගර්ජන අප මායිම් නොකරන බව ද අවධාරණය කරමු.

විකෘති ආණ්ඩුවක නායකයෙකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි බියගුළු ප්‍රකාශ වන අතර රටේ සමස්ත ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි වියරු සහ විසුළු සහගත ප්‍රකාශ මෙන්ම හැසිරීම් මායිම් නොකරන ලෙසට ය. ලාංකේය ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද නව පරිච්ඡේදයක් සටහන් කරමින් අතිශය විනයගරුක ලෙසත්,ස්වාර්ථය වෙනුවට පරාර්ථකාමීත්වය පිරුණු අපේක්ෂාවන්ගෙන් යුක්තවත් අපේ රටේ පුරවැසියන් අරගල කළ බවත් එවැනි පුරවැසියන්ට එරෙහිව නැගෙන ඕනෑම තර්ජනයක් ඉදිරියේ ජනතාව ආරක්ෂා කරන පළිහ බවට සමගි ජන බලවේගය පත්වන බවත් අවධාරණය කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආයෙ අරගල කරන්න ආවොත් හදිසි නීතිය දාල හමුදාව කැඳවනවා… ජනාධිපති අනතුරු අඟවයි…

Next Post

ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට සහය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.