දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රුපියල් 10,000 දීමනාව ලබාදීම මේවන විට අරම්භ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර රජයෙන් ලබා දුන් රු 15,000 දීමනාව හිමිවූ සියලු පාසල් සිසුන්ට මෙම දීමනාව හිමිවන බව එහි දැක්වේ.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ සඳහන් කළ ආපදාවට ලක්වු සෑම පාසල් සිසුවෙකුටම රු 25,000ක මූල්‍ය ආධාරය හිමි වනු ඇති බව එම නිවේදනය සඳහන් කරයි.





