අය වැයෙන් වැඩි කළ රාජ්‍ය සේවක වැටුප් මේ මාසයේ සිට ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුපින් සියයට 35ක් පමණ මෙවර වැඩි කර ඇති බවය.
අය වැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් ලබන ජූනි මස සිට ලබා දෙන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.







