ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය බිරිය ලිමිණි රාජපක්ෂ සමග ඉන්දියාවට ගොස් ඇතැයි ඔහුගේ මාධ්‍ය අංශය පවසයි.
බුද්ධගයා විහාර ලේකම් ආචාර්‍ය මහාශ්වේත මහාරතී, ඇතුළු එහි කළමනාකාර කමිටුවේ බුද්ධරතන ස්වාමීන් වහන්සේ, ධම්මිස්සර ස්වාමින් වහන්සේ, කෞඩින්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය ද ඔහු විසින් ලබා ගත් බව සඳහන්ය.
එසේ ම අනගාරික ධර්මපාලතුමා විසින් වර්ෂ 1891දී ආරම්භ කරන ලද ඉන්දියාවේ මහා බෝධි සංගමය වෙත ද ඔහු ගොස් ඇත. එහි දී බුද්ධගයා මධ්‍යස්ථානයේ පූජ්‍ය කටකඳුරේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මුල්දෙනියවල සුසීල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ඥාණරතන ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය වගීස ස්වාමීන් වහන්සේ මුණගැසී උන්වහන්සේලා ගේ ආශිර්වාදය ද ලබා ගත් බව වාර්තා වේ.







