සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආන්දෝලනයට පත් යාපනය ළමා නිවාසයේ දැරියන් 04ක් දූෂණය කර ඇත්තේ දේවස්ථානය පවත්වාගෙන ගිය 80 හැවිරිදි දේවගැති වරයෙක්!

by editor
අප්‍රේල් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • දැරියන් 04 දෙනා දූෂණය කළ 80 වියැති සල්ලාල දේවගැතියා ප්‍රදේශයෙන් පලා ගිහින්… පොලිසිය ඔහු සොයා මෙහෙයුම්…

  • ලිංගික කටයුතු ප්‍රතික්ෂේප කළ දැරියන්ට පස් පිරවූ බටවලින් පහර දීලා… මත්ද්‍රව්‍ය ලබා දී මත් කර ලිංගික කටයුතු සඳහා යොදගෙන්න උත්සාහ අරන්…

යාපනයේ ඉරුපාලෙයි ප්‍රදේශයේ ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය ළමා නිවාසයේ දැරියන් හතර දෙනෙකු දූෂණය කොට ඇත්තේ එම දේවස්ථානයේ වයස අවුරුදු අසූවක දේවගැතිවරයෙකු විසින් බවට තොරතුරු  යාපනය පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

එම ළමා නිවාසයේ දරු දැරියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව වෛද්‍යවරයාගේ නිර්දේශය වී තිබුණේ දැරියන් හතර දෙනෙකුට ලිංගික අතවර සිදුව ඇති බවයි.

ලිංගික කටයුතු වලට  සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ ළමා නිවාසයේ දරු දැරියන්ට වැලි හා පස් පුරවන ලද ප්ලාස්ටික් බට වලින් පහර දුන් බවත් ආහාර පාන ලබා නොදී සිටි බවත් මත්ද්‍රව්‍ය ලබා දුන් බවත් ළමා නිවාසයෙන් මුදා ගත් ළමයින් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

තවත් දරු දරියන් පිරිසක් වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කිරීමට නියමිතව ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අනුව අදාල දේව ගැතිවරයා අත් අඩංගුවට ගැනීමට පොලීස් කණ්ඩායමක් අදාල දේවස්ථානය වෙත  ගොස්  ඇතත් සිද්ධියට සම්බන්ධ බව කියන දේවගැතිවරයා පළාතෙන් පලාගොස් තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දූෂණයට ලක් වූ දැරියන්ගෙන් පොලීසිය  ලබා ගත් තොරතුරු වලට අනුව දේවස්ථානයේ තවත් දේවගැතිවරයෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ළමා නිවාසයෙන් ළමයින් 13 දෙනා මුදාගත් දිනයේම ළමා නිවාසයේ සිටි තුන් දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝග මත එම ළමා නිවාසය වසා දමා එහි සිටි දරුවන් හා දැරියන් කිළිනොච්චියේ ළමා නිවාස දෙකක් වෙත මාරු කොට යවා ඇති අතර ඔවුන්ව එහි සිට වෛද්‍ය පරීක්ෂණ සදහා යාපනයට රැගෙන එනු ලබයි .

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝංගහක  මුදුනේ හදා ගත් පැලක දිවි ගෙවන අසරණ දරු පවුල!

Next Post

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් IMF සහ ලෝක බැංකුව සමග පැවැත්වෙන Spring Meeting සඳහා වොෂින්ටනයට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.