සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

කෝංගහක  මුදුනේ හදා ගත් පැලක දිවි ගෙවන අසරණ දරු පවුල!

by editor
අප්‍රේල් 9, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

රෝගී දරුවෙකු  ඇතුළු දරුවන් දෙදෙනකු සමඟ  ජීවත්වීමට ස්ථිර නිවසක් නොමැති කමින් පොලොන්නරුව ඇලහැර මින්නේරිය රක්ෂිතයට මායිම්ව වන අලි ගහන පරිසරයක වන සතුන්ගෙන් බේරීම සඳහාත් කෝන්ගසක් උඩ අටවාගත් පැල්පතක ජීවත්වන දරු පවුලක් පිළිබඳ සංවේදී කතාවක් පොලොන්නරුව ඇලහැර බකමූණ ඔරුබැඳිසියඹලාව ගම්මානයෙන් වාර්තා විය.

අවුරුදු තුනහමාරක් වයසැති ලියුකේමියාවෙන් පෙළෙන තම දරුවා සමග   අවුරුදු 8ක තවත් පිරිමි දරුවෙකු සහ අවුරුදු 32ක   බිරිය සමඟ අඩිතිහක් පමණ උසැති කෝං ගසක් උඩ අටවාගත් පැල්පතක ජීවත් වන මෙම තරුණ පියා  34 වියති චමින්ද සඳරුවන් නැමැත්තෙකි.

බිරියගේ දෙමව්පියන් සමග දේපළ පිළිබඳ ඇතිවූ ආරවුලකින් අනතුරුව මෙලෙස හුදෙකලා වූ මෙම දරුපවුල මීට මාසයකට ආසන්න කාලයක සිට කෝං ගසක් උඩ රාත්‍රි කාලයේ ජීවිතය ගතකරන අතර කෝං ගසපහළ තවත් පැල්පතක් ඉදිකර   ඒ තුළ දහවල් කාලයේ ජීවත්වෙති.

විවිධ කුලීවැඩවල නිරතවෙමින් චමින්ද සඳරුවන්  තම ලියුකේමියාවෙන් පෙළෙන අවුරුදු තුනහමාරේ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට වියදම් සොයා ගන්නා ආකාරය සිත් කම්පා කරන්නේය.

තමන්ට රජයෙන් ලැබෙන සමෘද්ධි සහනාධාරය  නොලැබෙන බවත්, පොරොත්තු ලේඛණයට නම  ඇතුළත් වී ඇති බවත්, ලියුකේමියාවෙන් පෙළෙන දරුවා වෙනුවෙන් රුපියල් 1500ක රෝගාධාර දීමනාවක් ලබාදෙන බවත් ඔහු කියයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

චමින්ද සඳරුවන් ඇතුළු මෙම දරුපවුල ජීවත් වෙන අහල පහල කිහිප දෙනෙකු ඔවුනට ආහාරපාන ආදියෙන් ඉඳහිට සංග්‍රහ කරන අතර ලියුකේමියාවෙන් පෙනෙන දරුවාට ප්‍රතිකාර ගැනීමට යන වියදම් සොයාගැනීමට චමින්දට මහත් සටනක් කිරීමට සිදුව තිබේ.

මාසයකට රුපියල් 12,500 ක් වැනි මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බව 32 ඒ .ජී.එරන්දි පියුමිකා තරුණ මව අප සමග පැවසුවේ හැඬු කඳුලිනි.  

“මගේ අවුරුදු තුනහමාරේ පුතාට ලියුකේමියාව රෝගය නිසා මහරගම අපේක්ෂා රෝහලෙන් තමයි දැනට බෙහෙත් හේත් ගන්නෙ. මාසෙකට දෙතුන් වතාවක් යන්ඩ ඕනෙ. එක පාරක් යන්න එන්න රුපියල් 12,500 ක් විතර වියදම් වෙනවා. රෝහලේ බෙහෙත් නැති හින්දා අපිට  ෆාමසි වලින් තමයි බෙහෙත් ටික ගන්නේ. ඉතිං ඒ නිසා අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ.”

“මහත්තයා දැනට කුලී වැඩ කරන්නේ…  හැමදාමත් කුලි වැඩ නෑ. අපි මහගෙදර තමයි ජීවත් වුනේ. එතන පොඩි ගැටලුවක් වෙලා තමයි මෙතෙන්ට ආවේ. අපිට පොඩි ඉඩම් කෑල්ලක් තියෙනවා, නමුත් ගේ හදාගන්න වත්කමක් නෑ. දැනට පැල්පතක දවාලෙට ඉන්නවා, රෑට අලි එන හින්දා කෝං ගහ උඩ හදාගත් පැල්පතක දරුවන් එක්ක ජීවත් වෙනවා.”

“ඒත් කුප්පි ලාම්පු පත්තු කරන්න අනාරක්ෂිත නිසා, 4 වසරේ පුතාට පාඩම් කරන්ඩ විදිහකුත් නෑ, අපිට ජීවත් වෙන්න අමාරුයි.  මේ අහල පහල අය තමයි මොනවා හරි කන්ඩ දෙයක් ගෙනත් දෙන්නේ. ” ඇය කීවාය.”

මෙම අසරණ පවුල පිළිබඳ ඇලහැර ප්‍රාදේශීය ලේකම් සී.එම්. කරුණාරත්නගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ මෙම අසරණ පවුල සඳහා ස්ථිර නිවසක් ඉදිකිිරීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වැලි කලුගල්. ඇතුළු මූලික අමුද්‍රව්‍ය ලබාදීමට හැකි බවත්  දැනට අඩු ආදායම් පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති නොමැති බවත්ය. රෝගාධාර දීමනා දැනට එම පවුල වෙත ලබාදීමට කටයුතු කරන බව ඇය කීවාය.

දුක් ගංගාවක් මැද අනාරක්ෂිතව කෝං ගසක් උඩ ජීවිතය ගතකරන මේ අසරණ පවුල වෙනුවෙන් ඔබට යමක් කිරීමට හැකිනම් මේ අලුත් අවුරුද්දේ එකතු වන්න.   0714627589  අංකයෙන් ඔවුන්ව සම්බන්ධ කරගත හැකිය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සිංගප්පූරුවේ දානවා – නීතීපති කියයි!

Next Post

ආන්දෝලනයට පත් යාපනය ළමා නිවාසයේ දැරියන් 04ක් දූෂණය කර ඇත්තේ දේවස්ථානය පවත්වාගෙන ගිය 80 හැවිරිදි දේවගැති වරයෙක්!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.