ආණ්ඩුවේ තනතුරු ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ සියලුම තනතුරුවලින් හා මධ්‍යම කාරකසභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාවෙන් පක්ෂයේ සභාපතිවරයාට ඇති බලතල අනුව කැබිනට් අමාත්‍ය ධූර ලබා ගත් මන්ත්‍රීවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීරගේ ද, රාජ්‍ය ආමාත්‍ය ධූර ලබා ගත් මන්ත්‍රිවරුන් 05 දෙනාගේ ද පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.







