සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ තීරණ නිසා බඩේ පාර වැදුන පාරම්පරික වැලිමංකඩ ලාභීන් වෙනුවෙන් දිඹුලාගල රාහුලාලංකාර නා හිමියෝ පෙනී සිටිති!

by editor
ජනවාරි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න   

පාරම්පරිකව වැලි ගොඩ දැමූ තමන්ගේ වැලි කැනීම් බලපත්‍ර හිටිහැටියේ දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාව මගින් පවරා ගැනීමෙන් තමන්ට සිදුව ඇති අසාධාරණයට පිහිට වන ලෙසත්, මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තමන්ගේ වැලි කැණීම් බලපත්‍ර ලබාදීමට අවධානය යොමු කරන ලෙස දිඹුලාගල වැලිකන්ද වැලිමංකඩලාභීන් අද ( 28 )  ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැදකිමින් සඳහන් කළහ.

මීට මාසයකට පෙර දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාවන් තමන්ට අයත් වැලි කැනීම් බලපත්‍ර 59 පවරා ගැනීමෙන් තමන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බවත්, මෙම තත්ත්වය මත මංකඩලාභීන්, වැලිගොඩදමන කම්කරුවන්, මෙන්ම වක්‍ර සාමාජිකයින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි අසීරුතාවට පත්ව ඇති බව එම්.කේ.කේ. විජේසූරිය  සඳහන් කළේය.

දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය සඳහන් කළේ  වසර තිහකට ආසන්න කාලයක සිට වැලිගොඩ දමා ජීවත් වූ තම පවුල්  ම බඩේ පහර ගසා ඇති බවත්, කිසිදු රජයක ප්‍රාදේශීය සභාවක් නොකල අසාධාරණයක් තම වැලිමංකඩලාභීන්ට වත්මන් ආණ්ඩු බලය පවතින දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාවන් සිදුකර ඇති බවත්, මෙම තත්ත්වය ජනාධිපතිවරයාට මෙන්ම අදාළ බලධාරීන්ට පැහැදිලි කර තම අයිතිවාසිකම් ලබාදීමට මැදිහත් වන ලෙසත් ඉල්ලා සිටිති.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ, සිදුව ඇති අසාධාරණය තේරුම් ගනිමින් වත්මන් රජයට මෙය පැහැදිලි කර දීමට තමන් වහන්සේ මැදිහත්වන බවත්, මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් වැලි මංකඩලාභීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

මෙම වැලි මංකඩලාභීන්ගෙන් රජයට කළු පැල්ලමක් හෝ දැඩි විරෝධයක් පෑමට පෙර ඊට අවධානය යොමු කර ඔවුන්ට කඩිනම් විසඳුම් ලබාදීමට සියලු දෙනාගේ අවධානය යොමු කරන ලෙස තමා, වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවද රාහුලාලංකාර නාහිමියෝ  සඳහන් කළහ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්!

Next Post

තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉල්ලා අස් වෙයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.