බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවක් නපුංසක කරන කොන්ද නැති පොලිසියේ වරෙන්තු කෙළිය!

by editor
මැයි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමාර විසිනි –

හැංගි මුත්තො හැංඟියෝ
හැංඟි මුත්තො හැංඟියෝ
වත්තෙන් පහලට මුත්තා ඇරියා
එකායි….දෙකායි ….තුනායි…..

කුඩා උන් දවස්වල අප බොහෝ සතුටින් කළ ක්‍රීඩාවකි හැංඟි මුත්තා සෙල්ලම. මුත්තා ඇස් වහගන්ටත් පෙර අපි හැංගෙන්නට දුවමු.

දැන් මේ ක්‍රීඩාව ලොකු උන්ද කරන බව පෙනෙන්ට තිබේ. ලොකු වුන් කිව්වාට උන් සෙල්ලම් පුතයන්ද නොවේ. පහුගිය ආණ්ඩුවවල හිටි කෙරුම්කාරයන්ය. මේ අයියලා හැංගිමුත්තම් සෙල්ලම් කරන්නේ පොලීසිය සමගය. මේ හැංගිමුත්තන් සෙල්ලම පටන් ගත්තේ පොලීසියේ ඉහළම තානාන්තරයේ හිටිය පොලිස් ලොක්කාය.
2023 අවුරුද්දේ මාතර වැලිගම පිහිටි W 15 හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැක කරන ලද ඒ පොලිස් ලොක්කා උසාවිය මග හැර සිටින විට වරෙන්තු නිකුත් කෙරිණි. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙනි. මේ පොලිස් ලොක්කා කවරෙක්ද යන්න මේ රටේ මොන්ටිසෝරි දරුවෙක් ගෙන් පවා අසා දැන ගත හැකිය.
ඉස්සර සිනමාවට සම්බන්ධව ලෙනින් මොරායස් නම් චිත්‍රපට නිෂ්පාදකයෙක් සිටියේය. ඔහුගේ චිත්‍රපට ගැන ගුවන් විදුලියේ ප්‍රචාරය වූයේ වෙනින් කවුරුත් නොවේ ලෙනින් මොරායස් ගේ චිත්‍රපටයක් මෙන්න යනුවෙනි. අප මුලින් සඳහන් කරන ලද පොලිස් ලොක්කාද වෙනින් කවුරුවත් නොවේ. දේශබන්දු තෙන්නකෝන්ය. 2023 පෙබරවාරි 27වන දින දේශබන්දුට එරෙහිව මාතර අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.
ඒ වෙන තුරු මෙරට උසාවිවලින්  වරෙන්තු නිකුත් කෙරුණේ නඩුවලින් කට්ටි පනින අයි.ආර්.සී කාරයන්ටය. මේ
වරෙන්තු කාරයන් අල්ලන්නට එහෙට මෙහෙට දිව්වේ පොලීසියයි. ඒ ⁣වරෙන්තු කාරයා ගෙදර නැති නම් අඩුම ගානේ ගෙදර අඹුව හෝ අම්මා අප්පාවත් කුදලා ගෙන පොලීසියට ගෙන ඒමේ සිරිතක් පොලීසියට තිබුණි. පොලීසිය එමෙස කෙරුවේ තොවිල් කරන කට්ටඬි ගුරුන්නාන්සේලා යක්ෂයින්ට බිල්ලට බිල්ලක් දීමේ සිස්ටම් එක පුරුද්දට අරගෙන වාගේය.
තමුන්ගේ හිටපු ලොක්කාට එරෙහිව වරෙන්තු නිකුත් වීමෙන් පසුව පොලීසිය⁣ට ඒ ගැන බොහොම සීරු මාරුවට රාජකාරි කරන්නට සිද්ධ විය. හිටපු පොලිස් ලොක්කාගේ බිරින්දෑ හාමු කුදලා ගෙන ගෙන එන්ටත් බැරිය. ඒ නිසාම වරෙන්තු කළ පොලිස් ලොක්කා උසාවිය මග හරිමින් මාසයකට ආසන්න කාලයක් හැංඟී සිට උසාවියට බාර විය. ඒ කෙරුම්කාරයා උසාවියට බාර වෙන තුරුම හැංගී සිටියේ කොතැනකද යන්න හොයාගන්න පොලීසියට බැරි විය. ඔහු ඇල්ලීමට පොලිස් කණ්ඩායම් හයක් යොදවා සිටි බවද ආරංචි විය.
ඒත් එම පොලිස් කණ්ඩායම් හයට තමන්ගේ හිටපු පොලිස් ලොක්කා හොයා ගන්නට බැරි වීම ගැන ලියන්⁣නට ඇත්තේ පොලීසියේ එවැනි බබා හුකුම් පාට් වලින් මේ රටේ නීතියට වංගු ගහන්නට පුළුවන් වුනාට ජනතාව නම් නොරැවටෙන බව පමණය.
ඊළඟ වරෙන්තුකාරයා වූයේ පහුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් වූ ප්‍රසන්න රණවීරය. ප්‍රසන්න රණවීර මැටි කර්මාන්ක ඇමතිවරයා විය. කිරිබත් ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රසන්නට රණවීරට එරෙහිව මහර අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරිණි.
එම වරෙන්තුව සමග ප්‍රසන්න රණතුංග අන්තරස්දාන වූවේය. ඒ පහුගිය මාර්තු මාසයේ 07 වනදා සිටය. පොලීසිය හැංගි මුත්තන් සෙල්ලම පටන් ගත්තේය. ඔහු සිටින තැන් සොයා විවිධ ස්ථාන සෝදිසි කළ බවටත් පොලීසිය උසාවියට කරුණු වාර්තා කරන ලදී.
එහෙත් ප්‍රසන්න රණවීර ඒ අතරේ සිය පාස්පෝට්ටුව අළුත් කර ගැනීම සඳහා පාස්පෝට් ඔෆීසියට ගොස් තිබුණි. මේ කාර්යාලයේ පොලිස් හා හමුදා බුද්ධි ඒකක පවා රාජකාරියේ නිරත වී සිටී. එහෙත් ඒ නිළමෙලා කිසිවෙකු ගේ දෑසට නොපෙනී තමන්ගේ පාස්පෝට්ටුව අළුත් කරවාගෙන ගෙදර යන්නට ප්‍රසන්න රණවීරට හැකි විය. එය ⁣එසේ මෙසේ හපන්කමක් නොවේ. ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නට බංකුවක් අරගෙන එන්න යැයි පොර බයිලා කියන ආරක්ෂක නියෝජ්‍ය ඇමති උන්නැහේට ප්‍රසන්න රණවීරගේ ඒ හපන්කම ගැන මොනවා හිතෙන්නට ඇද්දැයි අපි නොදනිමු. ඒත් ඒ සිතීම තුළ ලැජ්ජාවක් නැති බව නම් ෂුවර්යය. එහෙම ලැජ්ජාවක් දැනුනානම් ඒ ආරංචිය ආ පැයේම බංකු බංකු උන්නැහේ ඇමතිකමෙන් ඉල්ලා අස්විය යුතුය.
පාස්පෝට් ඔෆීසිය අයිති මහජන ආරක්ෂක අමාත්‍යංශයටය. වරෙන්තුකාර ප්‍රසන්න රණවීර එතැනදී අල්ලා ගන්න බැරි වීම ගැන මහජන ආරක්ෂක ඇමති ඩබලත් වග කිව යුතුය. එහෙම බලන විට ඩුබායි වල සැඟව සිටින පාතාල මැරයන් ඇල්ලීම හීනයක් විතරය.
අළුත්ම වරෙන්තුව නිකුත් කර ඇත්තේ හිටපු ඇමති මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිවය. ඔහු උසාවියට බාර වෙනු ඇතැයි සිතන්නට බැරිය. පොලීසිය හැංගි මුත්තම් සෙල්ලම පටන් ගන්නට සූදානම් වෙනවා වෙන්නට පුළුවන. පොලිස් කණ්ඩායම් හය හතකට ⁣ලංකාව පුරාම ඇවිදින්න⁣ට චාන්ස් එකක් ලැබෙන්නේය.
මහින්දානන්ද බොසා වැඩියෙන් ගැවසෙන්නේ නුවර පැත්තේ නිසා ඒ පොලිස් කණ්ඩායම් වලට නුවර ෂැපක් විඳින්නටද පුළුවන. බටා පාරක් දාගන්නටද හැකිය. ඒ නිලමක්කාරයන්ට එරෙහිව උසාවියෙන්  නිකුත් කරන වරෙන්තු වලින් පොලීසියට පෑදෙන ඉල්ලමය.
මහින්දානන්ද බොසා  පොදු ජන පෙරමුණේ ප්‍රබලයකි. පොලීසියේ ඉහලම තැනක ඉන්නා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තල්දූව උන්නැහේ කන්නේ බොන්නේ සිංදු කියන්නේ පොහොට්ටුවේ ලොකු ලොක්කන් එක්කය. ඒ වගේම ඒ උන්නැහේගේ බිරින්දෑ හාමු පොදු ජන පෙරමුණේ නීති උපදේශිකාවය. ඉතින් මහින්දානන්ද බොසා තමන්ට එරෙහිව උසාවිය නිකුත් කර තියෙන වරෙන්තුව ගැන නීති උපදෙස් ගන්නට ඕනෑ ඒ ලොකු පොලිස් ගේ බිරින්දෑ නෝනා හාමුගෙනි. ඒ නිසාම මහින්දානන්ද බොසා වරෙන්තුව අධෝවාතයක් තරමේ ගනන් ගන්නේ නැත. තමන්ට කැමති දවසක උසාවියට එන තුරු ලොකු පොලිස් ගේ ගෙදරට වී කකා බිබී ඉන්නට මහින්දානන්ද බොසාට පිණ තිබේ. ඒ තැන ගැන පොලීසියේ එක අයියා කෙනෙක්වත් ඇහැක් ඇර බලන්නේ නැති බවත් සහතිකය. කෙසේ වෙතත් තල්දූව උන්නැහේ වැනි රාජපක්ෂ ජානගත පොලිස් ලොක්කන්ට මහජන ආරක්ෂක ඇමති බොසා ලව් කරන බව හොඳ හැටි අසන්නටත් පෙනෙන්නටත් තිබේ. ඒ ලව් එක ගැට ගැහෙන්නේ ටිරාං අයියාට ආණ්ඩුවේ තියෙන ෂපෝට් එක නිසා බව දැන් දැන් හොඳ හැටි රටේ ජනතාවට වැටහී තිබේ.
මේ අතරේ ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී නැමැත්තියට එරෙහිවද වරෙන්තු නිකුත් කර තිබේ. ඇය අතුරුදන් වූයේ පහුගිය පෙබරවාරියේදීය.⁣ ඉෂාරා සෙව්වන්දි සිටින බවට සැක කරමින් දිවයිනේ ස්ථාන 200 කට අධික සංඛ්‍යාවක් පොලීසිය සෝදිසි කළ බව අධිකරණයට වාර්තා කර තිබුණි. ඒත් මේ වන තුරු ඇය ගැන හාංකාවිසියක තොරතුරක් නැත.
පොලීසිය කරන මේ ⁣වරෙන්තු සෙල්ලම හරිම අපූරුය. මේ රටේ ග්‍රාම සේවා වසම් ඇත්තේ 14022 කි. ඔය හැංගෙන එවුන් හැංගෙන්නට ඕනෑ කොහේ හෝ වසමකය. මෙරට බුද්ධි සේවාවන් හැට හුටාමාරක් තිබේ. පොලිස් මිල්ටෙරි නේවි එයාර්ෆෝස් ඇස්ටීඑෆ් ප්‍රිසන් ආදී ලෙෆ්ට් රයිට් සරඹ කරන හැමතැනකම බුද්ධි අංශ ක්‍රියාත්මකය.
වරෙන්තුකාරයෙක් හැංගී සිටින තැන් මේ බුද්ධි සේවාවන් නොදන්නවා යැයි කවරකු හෝ සිතන්නේ නම් ඒ උන්දෑට ඔළුවේ අමාරුවක් තියෙන්නට ඕනෑය. ප්‍රශ්නය තියෙන්නේ වරෙන්තු කාර කෙරුම්කාරයන් සැඟව ඉන්නා තැන් නොදන්නා කම නොවේ. පොලීසිය⁣ට හරි හමන් කොන්දක් නැති කමය.
මේ කෙරුවාව ගැන සිතන විට සිහිපත් වන්නේ පරණ අවුරුදු ක්‍රීඩාවකි. කොටියා වැට මායිම⁣ට පැමිණ එළුවන් කන්ටයි මං ආවේ යැයි පවසයි. එළුවන් රකින්නන්  එළු බෙටි කාපං කුන්දීරේ යැයි ඌට සරදම් කරයි. මේ ක්‍රීඩාව ඕනෑ නම් මේ විදියට කරන්නටද පුළුවන.
“ලොක්කා අල්ලන්ටයි අපි ආවේ” පොලීසිය කියයි
“උඹලට පිස්සුද පලයව් යන්න⁣ට ආ පාරේ”    වරෙන්තු කාර කෙරුම්කාරයා කියයි.  අපි නාහෙන් අඬමින් ඒ නාඩගම බලා සිටිමු.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීම – විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට…

Next Post

ආවා කල්ලි නායකයා කැනඩාවෙන් පිටුවහල් කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.