කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ අභියෝගයට ලක් කිරීම නොකරන නමුත් ඔවුන් ගනු ලබන තීන්දු මැතිවරණයට ඍජු ලෙස බලපෑම් එල්ල කිරීම බරපතල කාරණයක් ලෙස තමන් දකින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
ඔහු ඊයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ තැපැල් ඡන්දය ආරම්භයට පෙර රජය රාජ්‍ය සේවකයා රවටමින් සිටින බවය.
ඔහු මෙසේ පැවසුවේය.
” මීට මාස දෙකකට පෙර රජයේ ස්ථාවරය වුනේ රුපියලකවත් වැටුප් වැඩිකිරීමක් රජයේ නිලධාරීන්ට කරන්න අසීරු බවයි. කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාම ඒ ගැන අවස්ථා කීපයකදී පවසා තියනවා.”
“ඒත් ඉන් මාස දෙකකට පස්සේ මේ රටේ එතරම් වේගයෙන් වර්ධනය වෙලා තියනව ද මේ ආකාරයට වැටුප් වැඩි කිරීමක් සිද්ධ කරන්න. මේ මුදල සොයා ගන්නේ කොහොමද කියන එක ආණ්ඩුව රටේ ජනතාවට කිව යුතු වෙනවා. “
“අපේ නිරීක්ෂණය වෙන්නේ මේ මොහොත් රාජ්‍ය සේවකයා රැවටීමට පත් කර ඇති බවයි. ” රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.







