කැබිනට් මණ්ඩලයේ නව පත්වීම්වලට විරෝධය පලකරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ හිටපු මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අහිමි වී තිබේ.
ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරයෙක් දරන එම තනතුර ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය ඇමති ධුරය ප්‍රතික්ෂේප කිරීමත් සමග පුරප්පාඩු වී ඇත.
මේ අනුව හිස් වූ ආණ්ඩු පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න රණතුංග නම් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
අද (18) සිට ඔහුට රටේ ප්‍රධාන අමාත්‍යාංශ දෙකක වගකීම් පැවරී තිබේ.
ඒ මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය ය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ඔහු කටයුතු කරන්නේ ඉහත අමාත්‍ය ධුර දෙකට අමතරවය.







