රුසියානු ආක්‍රමණික හමුදා ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කර ඇති බවත් මේ වනවිට ලැබෙන ආරංචි මාර්ග ප්‍රකාරව ඔවුන්ගේ පළමු ඉලක්කය තමන් ඝාතනය කිරීම බවත් යුක්රේන් ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි අද ප්‍රකාශ කළේය.
“අපගේ තොරතුරුවලට අනුව සතුරාගේ අංක එකේ ඉලක්කය ලෙස මා හඳුනාගෙ තියනවා. අංක දෙකේ ඉලක්කය මගේ පවුල. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රාජ්‍ය නායකයා විනාශ කර යුක්‍රේනය දේශපාලනිකව විනාශ කර දැමීමයි. “ සෙලෙන්ස්කි පැවසුවේ මිලිටරි විලාසිතාවේ කොළ පැහැති ටී ෂර්ට් එකකින් සැරසී මාධ්‍යය ඉදිරියේ පෙනී සිටිමිනි.
“මධ්‍යම රජයේ වැඩ සඳහා අවශ්‍ය සියලු දෙනා සමඟ මේ මොහෙතේ මා රාජ්‍යයේ කටයුතු මෙහෙයවමින් රැඳී සිටිනවා. ” ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
යුක්රේන ජනාධිපති සෙලෙන්සිකි කීවේ කඩාකප්පල්කාරී සතුරු කණ්ඩායම් කිව් අගනුවර වෙත ඇතුළු වී ඇති බවය. ආක්‍රමණික හමුදා සිකුරාදා යුක්රේනයේ අගනුවරට සහ අනෙකුත් නගරවලට ඔවුන්ගේ ප්‍රහාරය තීව්‍ර කර ඇති බව ද කීවේය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාව විසින් විශාලතම මිලිටරි ප්‍රහාරයක් දියත් කර තිබිණි. යුද්ධයේ දෙවන දිනයේ අලුයම 4 ට කෙටි වේලාවකට පසු කියෙව් වැසියන් විශාල පිපිරීම් වලින් අවදි වූහ.
අගනුවර ගුවන් ප්‍රහාර සයිරන් නාද විය. නගරයට වෙඩි තැබූ රුසියානු ප්‍රක්ෂේපන දෙකක් තමන් විසින් අල්ලා ගත් බව යුකේර්න හමුදාව ප්‍රකාශ කළේය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක නවාතැන් හෝ ආරක්ෂාව සඳහා උමං දුම්රිය ස්ථාන භාවිතා කරන ලෙස නගර රජය ජනතාවට දන්වා සිටියේය.
යුක්රේන හමුදාවට අනුව, රුසියානු හමුදා කියෙව් මධ්‍ය දෙසට “වේගයෙන්” මිලිටරි ට්‍රක් රථ තීරුවක් සමඟින් ගමන් කරමින් ඇත.
රුසියානු යුද ටැංකි සහ සන්නද්ධ වාහන බ්‍රහස්පතින්දා පෙරමුණු තුනකින් යුක්රේනය ආක්‍රමණය ඇරඹූහ. එක් ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද ආරක්ෂක නිලධාරියෙක් පැවසුවේ ආක්‍රමණයේ අවසාන අභිප්‍රාය “ආණ්ඩුවේ හිස ගසා දැමීම” බවයි.
කිව් සිට වයඹ දෙසින් කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි උපාය මාර්ගික ස්ථානයක්වන හොස්ටොමෙල් ගුවන් තොටුපළ යුක්රේන හමුදා සහ රුසියානු පැරෂුට් භටයන් සහිත ප්‍රහාරක හෙලිකොප්ටර් යානා අතර දරුණු යුද්ධයක් ඇවිලී ගොස් තිබිණි. යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ගැටුම්වල වීඩියෝ දර්ශන නිකුත් කර තිබේ. එම ප්‍රදේශයෙන් දැඩි වෙඩි තැබීම්, බහුවිධ ගිනි ගැනීම් සහ දුමාරය ඉහළ යන අයුරු පෙන්නුම් කරමින් තිබිණි.
ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ආක්‍රමණය ආරම්භයේ සිට අද (25) අලුයම 3 වන විට, රුසියානු ගුවන් යානා හතක්, හෙලිකොප්ටර් හයක් සහ යුද ටැංකි 30 කට වැඩි ප්‍රමාණයක් බිම හෙළා ඇති බවය.
දළ වශයෙන් “සතුරු” පුද්ගලයින් 800 ක් පමණ මරා දමා ඇත. යුක්රේන් අරක්ෂක ඇමතිවරයා කීවේය. යුක්රේනයේ ප්‍රකාශයන් තහවුරු කළ නොහැකි වූ අතර රුසියාව සිය හමුදාවට සිදුවූ ජීවිත හා දේපල හානිය පිළිබඳව සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළේ නැත
ජනපති සෙලෙන්ස්කි පැවසුවේ තම රටවැසියන් 137 දෙනෙකු මිය ගිය බවයි. ඔහු ඔවුන්ව “යුක්රේන වීරයන්” ලෙස හඳුන්වා දුනනේය.
කම්පනයට පත් ලෝක නායකයින් වසර 80 ක් තිස්සේ යුරෝපයේ පශ්චාත් යුධ පර්යායට වඩාත්ම තීරණාත්මක අභියෝගය එල්ල වූ බව පැවසීය . ” පුටින්ට යුක්රේනයට වඩා විශාල අභිලාෂයන් තිබෙනවා. ඔහුට ඇත්ත වශයෙන්ම පැරණි සෝවියට් සංගමය නැවත ස්ථාපිත කිරීමට අවශ්‍යයයි. ඒක ගැන තමයි මේ කියන්නේ.” ඊයේ ( 25) එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පැවසීය.
රුසියාවේ ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය සහ මිතුරු රටවල් රුසියාවට එරෙහි සම්බාධක පනවන බව කී බයිඩ්න් කීවේ පුටින් මෙම යුද්ධය තෝරා ගත් අතර දැන් ඔහු සහ ඔහුගේ රට එහි ප්‍රතිවිපාක අත්විඳිනු ඇති බවය.
ආයුධ අතට ගෙන ආක්‍රමණික හමුදාවන්ට මුහුණ දෙමු. සෙලෙන්ස්කි “සටන් අත්දැකීම් ඇති සියල්ලන්ගෙන්” ඉල්ලා සිටියේය. හමුදාව සම්පූර්ණයෙන් බලමුලු ගැන්වීමට ද ඔහු නියෝග කළේය.
(FT)







