බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරීන්ගේ ටෝච් එක නිසා පොලිස් නිලධාරින්ට වැඩ තහනමක්!- මනූෂ එක්කම බලෙන් තවත් පාර්සලයක් ගෙනැත්

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ මැතිසබයට කුඩා විදුලි පන්දමක් බලහත්කාරයෙන් රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂක සේවයේ නිරත පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනමකට ලක් කිරීමට සූදානමක් පවතින බවත් එය ඉතා අසාධාරණ බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ විදුලි පන්දම නොව මනුෂ්‍ය නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් යළිත් පාර්ශවයක් බලහත්කාරයෙන් scan කිරීමට පවා ඉඩ නොදී පාර්ලිමේන්තුව තුළට රැගෙන විත් ඇති බවත් ඒ බරපතළ ප්‍රශ්නයක් බවත් ය.

මෙවැනි අවස්ථාවකදී පොලිස් නිලධාරීන් ඉතා අසරණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස හැසිරීමේදී ඔවුන් ඔවුන් සිය රාජකාරිය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද විමසීය.

අද (25) දින පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ පිළිබඳ කළ ප්‍රකාශය පහත දැක්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ ශෝක යෝජනා ගේන දවසේ වෙනත් දේවල් කතා කරන්න මම පුද්ගලිකව කැමති නෑ. නමුත් මේ ටෝච් එක නෙවෙයි ප්‍රශ්ණය. පොලීසියේ නිළධාරීන් මාව දැනුවත් කලා පැය බාගයක් විතර. ඔවුන්ගේ වැඩ තහනම් කරන්න හදනවා. ඒක වැරදියි. ඒ පොලිස් නිළධාරීන් කිව්වෙ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ බෑග් එකේ ටෝච් එකක් තිබිලා එයාගේ පුද්ගලික දෙයක් කියලා වේත්‍රධාරීතුමාටත් දන්වලා කොහොමහරි ඒක අරගෙන ඇවිත් තියෙනවා.

මීට වැඩිය බරපතල ප්‍රශ්ණයක් තියෙනවා. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාත් නැවත වරක් එලියට ගිහින් පාර්සලයක් අරන් ඇවිත් තියෙනවා. ඒ පාර්සලය ස්කෑන් එකට දාද්දි ගෙනියන්න එපා කියද්දි, බලහත්කාරයෙන්ම ගෙනියලා තියෙනවා. මේකයි ගැටළුව. කිරිඇල්ල මැතිතුමා එක්ක මමත් එකඟ වෙනවා. අපිත් මෙතන රණ්ඩු වෙලා තියෙනවා. කොල හංගගෙන ඇවිල්ලා තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. අපිට ඒක ගැටලුවක් නෙවෙයි. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා ඉතිහාසේ බෝම්බ ගහලා තියෙනවා. බත් පාර්සලේ බෝම්බ අරන් ඇවිත් ඇති වෙච්ච සිද්ධි මේ පාර්ලිමේන්තුවේ වෙලා තියෙනවා. ඊළගට ඉතිහාසයේ දේවල් ඇදගන්න මම කැමති නෑ. පිහියක් අරගෙන ඇවිල්ල ප්‍රසන්න රණවීර මැතිතුමාගේ බෙල්ලට තිබ්බා. නොයෙක් දේවල් වෙලා තියෙනවා. අපි නෑ කියන්නේ නෑ. හැබැයි මේ වගේ පාර්සලයක් බලහත්කාරයෙන් ගෙනියනවා කියන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහෙම ගෙනියනකොට මොනවද කරන්නේ කියලා ඒ නිලධාරීන් අහනවා. ගෙනියන්න එපා කියලා ඒ නිලධාරීන් ඉල්ලීමක් කරනවා. ඒ සේරම ආරක්ෂක කැමරාවල තියෙනවා. ඒ අයගේ වැඩ තහනම් කරන්නේ නැතුව මේ ගැන හොයන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අය අහිංසක පොලිස් නිළධාරීන්. අද උදෙත් කිව්වා ඇමතිතුමා කොහොමද අපි මන්ත්‍රී කෙනෙක් බලෙන් නතර කරන්නේ කියලා. ඒ මන්ත්‍රීතුමා ටෝච් එක ගෙනිච්ච එක නෙවෙයි. දෙවනිපාර බලහත්කාරයෙන් පාර්සලයක් ගෙනියපු එක වැරදියි.

මෙකෙන් මහා විනාශයක් වෙන්න පුලුවන්. මේකට අතිගරු ජනාධිපතිතුමා එනවා, අගමැතිතුමා එනවා, විපක්ෂ නායකතුමා එනවා, හිටපු ජනාධිපතිතුමා, ඇමතිවරු, මන්ත්‍රීවරු මේ හැමෝම එනවා. මේකේ ගෙනත් මීට වඩා විනාශයක් වුනොත් එහෙම. අපි දැක්කා පාස්කු ප්‍රහාරයේ වෙච්ච දේ. 97 වතාවක් කියලත් කිසි දෙයක් කරන්නේ නැතුව මිනිස්සු තුන් හාරසීයක් මැරුණා. ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා. මේක හොයන්න පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න. ඒ නිලධාරීන් කියන්නේ රාජකාරියට බාධා කිරීමක් කියලා. මේ වගේ දෙයක් නොවෙන්න මේ ගැන හරියට හොයන්න. ඔබතුමාලා ඇවිත් උද්ඝෝශණය කරන්න. අපි කවදාවත් බාධා කරන්නේ නැහැ. ප්‍රශ්ණයක් නෑ. ඒවා අපිත් කරලා තියෙනවා. නමුත් මේ විදියට පාර්සලයක් බලහත්කාරයෙන් ගේනවා කියන්නේ ඒක වැරැද්දක්. ඒවා සී සී ටී වී වල තියෙනවා. මේ වගේ දෙයක් නැවත මතු නොවෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අර අහිංසක පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අතින් අල්ලගෙන කෙරුවා නම් ඔහුට ලොකු ප්‍රශ්ණයක්. ඒ හිටපු ඔක්කොම නිළධාරීන්ගේ වැඩ තහනම් කරන්න හදනවා. ඊට වැඩිය හොදයි මේ වැරැද්ද කරපු අයට, රාජකාරියට බාධා කරපු එක ගැන හෙයලා ඒකට නීත්‍යානුකූලව කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මෙතනින් පස්සේ මේ වගේ දෙයක් නොවෙන්නත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කරන්න කියලත් ඉල්ලීමක් කරනවා.

අපි කවුරුත් අත්අඩංගුවට ගන්න කියලා නෑ. අපි කියන්නේ මේ වගේ බරපතල ප්‍රශ්ණයක් වෙලා තියෙනවා. ඔබතුමා නියෝග කරලා තියෙනවා ඒ ගැන හොයන්න. රාජකාරියට බාධා කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න. මේ විදියට තමයි ගරු කතානායකතුමනි අර බොරැල්ල පල්ලියේ ගිහින් බෝම්බ තියල රෝහලේ බෝම්බ තියලා, බෙල්ලන්විල පන්සලේ බෝම්බ තියපු අය දැන් එලිවේගන යන්නේ. ඒ නිසා මේවට ඉඩ දෙන්න විදියක් නෑ. මේ පිලිබද සාධාරණ පරීක්ෂණයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති මිල්කෝ යයි… කිරි නිශ්පාදනයට උපදෙස් දෙයි!

Next Post

ආක්‍රමණියකන්ගේ පළමු ඉලක්කය මගේ ජීවිතයයි… දෙවනුව මගේ පවුලයි… යුකරේන් ජනපති ලෝකයට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.