අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේදි ඊයේ වෙඩි තබා ඝාතනය කළ 29 හැවිරිදි තරුණයා ගේ ඝාතනය පසුපස මත්ද්‍රව්‍ය ජාවාරමේ දී ඇතිවූ ආරවුලක් පැවතිය හැකි බවට පොලිසිය සැක පහළ කරයි.
නාඳුනන ඝාතකයෙක් විසින් ඊයේ (14) සවස වෙඩි තබා ඝාතනය කර තිබුනේ අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචි එනාදු තරිඳු ධනුෂ්ක නිසංසලද සිල්වා නමැති 29 හැවිරිදි තරුණයෙකි.
බහුදින යාත්‍රා මුරකරුවෙකු බවත් ඔහු අහුංගල්ල ප්‍රදේශයේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ දුවක සමග විවාහ විමට සිටින අයෙකු බවත් පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා සවස හයයි කාලට පමණ ඥාති කුඩා ළමයින් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මෙම තරුණයා මිය ගොස් ඇත. වෙඩි ප්‍රහාරය එල්ල විමත් සමග යතුරු පැදියේ සිට බිමට වැටි ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහ මාරක කුඩා දරුවන් දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
අහුංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







