අද (15) අලුයම සීදු රාජපක්ෂපුර ප්‍රදේශයේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙසේ ඝාතනය කර ඇත්තේ රාජපක්ෂපුර දෙවැනි පටුමගේ පදිංචි ඕෂධ දිදුල පීරිස් (46) නැමැති පුද්ගලයෙකි.
බීමත් හිටපු හමුදා සෙබලෙක් විසින් පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. වෙඩි වැදුන පුද්ගලයාගේ පපු ප්‍රදේශයට එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර සීදුව විජය කුමාරතුංග රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇත.
ඝාතනය සම්බන්ධව රාජපක්ෂපුර හත්වන පටුමගේ පදිංචි හෙට්ටිආරචිච්ලාගේ දොන් කුමාරසිංහ නැමැත්තෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීම සිදුකල විශ්‍රාමික යුධ හමුදා කෝප්‍රල්වරයා උතුරේ රාජකාරි කළ කාලයේ දී වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් මෙම අවිය රැගෙනවිත් සඟවා තබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සීදුව පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







