නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
ඊයේ රාත්‍රියේ (24) දිවයිනට පැමිණ ඇති ඔහුව පිළිගෙන ඇත්තේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසිනි.
2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වේ.
විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතය.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එළැඹෙන 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමටද නියමිතය.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ නිල සංචාරයෙන් අනතුරුව ඔහු ඉන්දියාව සහ නේපාලය බලා පිටත්ව යාමටද නියමිතය.







