ලලිත් චාමින්ද –
සිරකරුවන් නඩත්තු කිරිම සදහා වසරකට රුපියල් බිලියන 20කට ආසන්න මුදලක් වැයවෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මින් රුපියල් බිලියන 07ක පමණ මුදලක් වැයවන්නේ සිරකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සදහා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බන්ධනාගාරවල රඳවා තැබිය හැක්කේ සිරකරුවන් 11000ක් පමණ බවත් මේ වනවිට සිරකරුවන් 30110ක් පමණ රඳවා සිටින බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මින් වැඩිම සංඛ්‍යාවක් රිමාන්ඩ් සිරකරුවන් වන අතර එම සංඛ්‍යාව 21448කි. දඩුවම් ලබන සිරකරුවන් සංඛ්‍යාව 8662කි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිය හැකි සිරකරුවන් සංඛ්‍යාව 1500ක් පමණ වුවද මේවනවිට එහි සිරකරුවන් 3500ක් පමණ සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
වැඩිම පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිරකරුවන් බවත් නඩු හා රසපරික්ෂණ වාර්තා ලැබිම ප්‍රමාදවිම නිසා රිමාන්ඩ් සිරකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇති බවත් රිමාන්ඩ් සිරකරුවන්ගේ සංඛ්‍යාව අඩුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද අධිකරණ අමාත්‍යංශය පවසයි.







