බීබීසී
ශ්‍රී ලංකාවේ අලුත උපන් බිළිඳුන් බේරා ගැනීමට සහය ලබාදෙන මෙන් ශ්‍රී ලංකා “Perinatal” සමාජය ඉල්ලා සිටියි.
එම සංගමය පෙන්වා දෙන්නේ, අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය රෝහල්වල නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි.
අලුත උපන් බිළිඳුන් රැකබලා ගැනීමේදී මුහුණ දෙන එක් ප්‍රධාන සහ අතිශය තීරණාත්මක ගැටලුවක් වන්නේ ET ටියුබ් හිඟකම බවද “Perinatal” සමාජය පෙන්වා දෙයි.
“ET නල වලින් සියලුම කොටස් පාහේ භාවිතා කර ඇති අතර ET ටියුබ් ඉදිරි සතිවල නොමැති වනු ඇත. පාවිච්චි කරන ලද ET ටියුබ් ඉවත නොදමන ලෙස උපදෙස් දී ඇත. ඒවා නැවත භාවිතා කිරීමට සිදු විය හැකි බැවින් ඒවා පිරිසිදු කර විෂබීජහරණය කරන්න පියවර ගෙන ඇතත්, එය මංමුලා සහගත විසඳුමක් බව ශ්‍රී ලංකා “Perinatal” සමාජය පෙන්වා දෙයි.
පවතින තත්ත්වය හමුවේ ඖෂධ ඇතුලු වෛද්‍ය උපකරණ පරිත්‍යාග වශයෙන් භාර ගැනීමද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පවසා සිටියේ ඇතැම් ඖෂධ සඳහා මාස 06කට තරම් සැපයුම් මේවන විට නොමැති බවයි.ඇතැම් ඖෂධ මාස 03කට හෝ මාසයකට ප්‍රමාණවත් ලෙස පවතින බව ඔහු පවසා සිටියේය.
කෙසේවෙතත් සමාජ මාධ්‍යවල දක්වා ඇති තරම් හිඟයක් නොමැති බව ඔහු තවදුරටත් පවසා සිටියේය.







