විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවලිය ඊලඟ පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
ඊට අදාල යෝජනාවලිය සැකසීමේ කටයුතු නීති විශාරදයින්ගේ උපදෙස් මත මේ වනවිට ආරම්භ වී ඇති බවත්, සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ලංකාසරට පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට බලය හිමි අගමැති පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම අරමුණ වී ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
රටට ප්‍රතිඥා දී පසුගිය කාල පරිච්ඡේදයේ දී දේශපාලකයින් බලයට පැමිණය ද ඔවුන් බලයට පැමිණි පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ එම පොරොන්දු සියල්ල අමතක කළ බවත් අද උදා වී තිබෙන්නේ ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් බවත් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කරයි.
වර්තමානයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ යම් අගමැතිවරයෙක් තේරී පත් වී රට වෙනුවෙන් යම් කාර්ය භාර්යයක් කිරීමට යෑමේ දී විධාය ජනාධිපති බලතල හරස්වන බවත් ඒ සඳහා කළ යුතු එකම විකල්පය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව අගමැතිවරයෙක් පත් කිරීම බවත් ඉහත ප්‍රකාශකයා සඳහන් කළේය.