ශ්‍රී ලාංකික ජනතාව දියත් කරනු ලැබ ඇති උද්ඝෝෂණයට සහය පල කිරීම සඳහා ලෝකයේ රට රටවල සිටින ශ්‍රී ලාංකිකයින් දියත් කර ඇති උද්ඝෝෂණ මාලාවේ තවත් එක් උද්ඝෝෂණයක් ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල ඊයේ (11) පැවැත්විනි.
දූෂිත ආණ්ඩුවත් දේශපාලකයනුත් පළවා හැරීම වෙනුවෙන් ලංකාවේ දියත් වී ඇති අරගලයට සහාය පල කිරීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව බර්ලින් තානාපති කාර්යාලය එක්වන්නැයි ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ ආරාධනා කර තිබිණි.
“රාජපක්ෂවරුනි … ගෙදර යන්න… “ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න… අරගලය පාවා නොදෙන්න…“ වැනි සටන් පාඨ සහිතව ඔවුහු ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල මෙසේ නිහඬ උද්ඝෝෂණයක නිරත වූහ.