ඉදිකිරීම් සමාගමක් වෙත කොන්ත්‍රාත්තුවක් ලබාදීම සඳහා ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පේරු ජනාධිපති Alejandro Toledo ට ඊයේ (21) පේරු අධිකරණය වසර 20 කට වැඩි සිර දඬුවමක් නියම කළේය.
2001 සිට 2006 දක්වා පේරු ජනාධිපතිව සිටි Alejandro Toledo සහභාගී වූ නඩු විභාගයකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව දී තිබිණි.

නඩු පවරන්න්ට අනුව හිටපු පේරු ජනාධිපතිවරයාවරදකරු වන්නේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන Odebrecht නැමැති සමාගමට පේරු බටහිර වෙරළ තීරය සමග ඇමසෝනියානු කලාපයක් සම්බන්ධ කිරීම සඳහා මර්ගයක් තැනීමට කොන්ත්‍රාත්තුවක් ලබා දීමට ඩොලර් මිලියන 35ක ( යුරෝ මිලියන 32.2)ක අල්ලසක් ලබා ගැනීම පිළිබඳවය .
Odebrecht යනු එම සමාගමේ මව් රටේ සහ ලතින් ඇමරිකාව පුරා දූෂණ ගණනාවකට චෝදනා ලද අන්ත දූෂිත ඉදිකිරීම් සමාගමකි. එම සමාගම 2001 සහ 2016 අතර රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් බලපෑම්කරුවන්ට ඩොලර් මිලියන ගණන් අල්ලස් ලබා දුන් බව හෙළි දරවු වී තිබිණි.
එම තත්ත්වය තුළ මෙම සමාගම Novonor ලෙස නම් කර ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති lejandro Toledo ඔහුට එරෙහි ඉදිරිපත් වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.







