හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් ර රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට එල්ල කළ මැර ප්‍රහාරයට පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් භාවිතා කිරීම මුල් කරගෙන පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් කීර්ති වීරසිංහට ඉල්ලා අස්වන සේ එම අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී තිබේ.
ඒ අනුව සභාපති කීර්ති වීරසිංහ ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.
අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද දැනුම් දීමක් මත සභාපතිවරයාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බවයි.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු පිරිසක් රාගම වෛද්‍ය පීඨ සිසු නේවාසිකාගාරයට කඩා වැදීම සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදා ගැනීම සම්බන්ධව මින් පෙර කළ විමසීමක දී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ එම වාහනය සිද්ධිය වන දා තිබුණේ තමන්ගේ නිවසේ බවය.
කෙසේ වෙතත් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් වගකීම භාරගෙන සභාපතිවරයා ඉල්ලා අස් වී ඇත.







