දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේදී රාජ සන්තක වූ ඉන්දීය ධීවරයින්ට අයත් ධීවර යාත්‍රා බලධාරීන් විසින් වෙන්දේසියේ විකිණීමට එරෙහිව තමිල්නාඩු රාමේස්වරන් ප්‍රදේශයේ ධීවර සංගම් ඊයේ (8) විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.
රාමේස්වරන් ධීවර කාර්යාලය ඉදිරිපිටදී ආරම්භ කළ මෙම විරෝධතාවයේදී ධීවර සංගම් නායකයන් ප්‍රකාශකොට සිටියේ ඉන්දීය ධීවරයන්ට අයත් එම යාත්‍රා වෙන්දේසි කිරීමෙන් ශ්‍රී ලංකා රජය ලබන ආදායමෙන් අවම වශයෙන් 25 % ක මුදලක් හෝ ලබා දිය යුතු බවයි.
2014 වසරේ සිට නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා රජය පමණක් වෙන්දේසි කිරීම අසාධාරණ බවත් ශ්‍රී ලාංකික ධීවරයින්ගේ යාත්‍රා ඉන්දීය අත් අඩංගුවට පත් වීමෙන් පසුව එම යාත්‍රා වලට මෙවැනි ඉරණමක් අයත් නොවූ බවත් රාමේස්වරන් ධීවර සංගමයේ නායක එස්.ජේසුරාජා විරෝධතාවය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.







