අරගලකරුවන් ගේ නියෝජිතයින් පිරිසක් සහ කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමග සාකච්ඡාවක් අද (12) හවස දෙකට පාර්ලිමේන්තුවේ දී පැවැත් වේ.
මේ සඳහා අරගලකරුවන්ගේ නායකයන් ලෙස හඳුනාගත් විසි පස් දෙනෙකු පැමිණීමට නියමිත ය.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට අග්රමාත්ය රනිල් වික්රමසිංහ ඇතුළු පක්ෂ නායකයින් රැසක් සහභාගී වනු ඇත.
රට තුළ ස්ථාවරයක් ඇතිකරගනිමින් ඉදිරියට රට ගෙනයෑම පිළිබඳව මෙහිදී ප්රධාන වශයෙන් සාකච්ඡා කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නව ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් පත්කරගැනීම සහ දේශපාලනික වශයෙන් ඉදිරියේ සිදුවන කරුණු රැසක් සම්බන්ධව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.







