හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේ එස්.ආර්. ආටිගලට විදෙස් ගමන් තහනමක් පනවන්නැයි සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ජූලියන් බෝලින් ඇතුළු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක හා පුහුණුකරු ජූලියන් බොලින්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සහ ජෙහාන් කනගරත්නම් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා ඉල්ලා ඇති අතර මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ මූල්‍ය අක්‍රමිකතා සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
නීතීඥ උපේන්ද්‍ර ගුණසේකර මාර්ගයෙන් මෙම මෝසම ගොනු කරමින් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම නඩුවට අදාළ බරපතළ හදිසි අවශ්‍යතාව සලකා බලා නඩුව ජූලි 14 වැනිදාට යොදන ලෙසයි.
ජුලි 6 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කල ඇති මෙම ඉල්ලීම ට අදාළ පෙත්සම ජූලි 27 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ටාධිකරණය තීරණය කර තිබේ..









