ශ්‍රියානි විජේසිංහ –
-
ජනාධිපති ලේකම්වරයාත් පිළිගත්තා දේශපාල ඇජන්ඩා නෑ කියලා… සාධාරණ වෘත්තීය අරගලයකට දේශපාලන ලේබල් ගහන්න නම් එන්න එපා… රාඝවන්ට අනධ්‍යන සේවකයින්ගෙන් දැනුම් දීමක්!
දැනට දින 66ක් පුරා පවත්වාගෙන යන අනධ්‍යන කාර්ය මන්ඩල සාමාජිකයින්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් දීමට ලබන අඟහරුවාද වනවිට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවදී එකඟ වූ බවත් එම එකඟතාව බලපොරොත්තුවෙන් තමන් පසුවන බවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති බලමණ්ඩලය සඳහන් කරයි.
තම ඉල්ලීම්වලට සාධනීය තත්ත්වයක් උදාවී තිබෙන මොහොතකදී දේශපාලන ලේබල් ඇලවීමට ඇතැම් පාර්ශවයන් කටයුතු කිරීම කණගාටුවක් බවද එම බලමණ්ඩලය පෙන්වාදේ.
ඊයේ සවස පැවති මෙම සාකච්ඡාවට අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා සහභාගි නොවූ බවද එම බලමණ්ඩලය අවධාරණය කරයි.
කෙසේ නමුත් ඊයේ සාකච්ඡාවට එනවිටත් තමන්ගේ ඉල්ලිම මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා කටයුතු කර නොමැති බවත් මෙම වැඩ වර්ජනය දින 66ක් දක්වා දිග්ගැස්සීමේ වගකීම සභාපතිවරයා ගත යුතු බවත් එම බලමණ්ඩලයේ කැදවුම්කරු දම්ම්ක එස් ප්‍රියන්ත පැවසුවේය.
අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා සමඟ මීට පෙර පැවති සාකච්ඡාවේදී එකඟ වූයේ සියයට 25 ක හිලව් දීමනාවෙන් සියයට 12ක ප්‍රමාණයක් ජුනි මස වැටුපටත් ඉතිරි සියයට 13 ලබන වසරේ ජනවාරි මාසයේදී ලබා දිමටත් බවය. එම යෝජනා ඊයේ සාකච්ඡාව පැවැත්වෙන මොහොත වන විටත් මුදල් අමාත්‍යංශය වෙත භාර දීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කටයුතු කර නොමැති බව හෙතෙම පැවසුවේය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ මොහොත් සටන් කරනුයේ තම වෘත්තීය අයිතින් දිනා ගැනීමට මිස කිසිදු දේශපාලන පක්ෂයක උවමානාවකට නොවන බවත් තමන්ට දේශපාලන ලේබල් ගැසීම කටයුතු නොකරන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි මොහොතේදී ලේකම්වරයාද ඒ බව තේරුම්ගෙන අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සාධාරණ යැයි පැවසූ බවත් කැඳවුම්කාරවරයා පැවසුවේය







