සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම්.එෆ් වාර්තාව ගැන කියමින් රනිල් – බැසිල් සර්ව පාක්ෂික සමුළුව උණුසුම් කරයි.

ඔයාට ඕන ඩ්‍රෆ්ට් එක ද?... බෑ... ඒක දන්නෙ නෑ. බැසිල් - ඩ්‍රාෆ්ට් එකත් නෑ කියලනෙ කිව්වෙ... දැන් පිළිගත්තා - රනිල්

by editor
මාර්තු 23, 2022
in පුවත්
Basil-Ranil
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23)  පැවති  සර්ව පාක්ෂික සමුළුවේ දී  මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර උනුසුම් සංවාදයක් ඇති විය.

එම සංවාදයට මුළ පිරෙන්නේ  රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තියක් ඇති කරගැනීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග විවෘත සංවාදයකින් පසු පොදු ජාතික සම්මුතියකට පැමිණිය යුතු බවත්,  ඒ සදහා රජයෙන් කිසිම විනිවිද භාවයක් හෝ කැපවීමක් තමන් නුදුටු බවත් පැවසීමත් සමගය.

හිටපු අගමැතිවරයා කීවේව පාර්ලිමේන්තුව විසින් විමසන දත්ත ලබා ගැනීමට හෝ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවය.

“ මේක පොරොන්දු වුනා කීප අවස්ථාවක. සමහර පක්ෂ මෙතෙන්ට නොපැමිණියේ මේ හේතුව නිසා. මා කැමතියි දැනගන්න  මේ සුමානෙවත්, එන සුමානෙවත් අපට මේක ලබා ගන්න පුලුවන්ද කියලා?“

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

බැසිල් – අයි.එම්.එෆ් වාර්තාව අපට සම්පූර්ණයෙන් තාම ඇවිත් නෑ

රනිල් – ඒ අය කියනවා එව්වා කියලා.

බැසිල් – නෑ … නෑ… අපට ඇවිත් නෑ.

රනිල් – එහෙනම්  අපි අහමු එතනින්. ජනාධිපති තුමා.. දැන් හරි එයාට එන්න කිව්වොත් අපට මේක කතා කරලා විසඳා ගන්න පුලුවන්. නියෝජිතයට එන්න කියමු. නැතිනම් අපි ඒක පිළිගන්නම්.

බැසිල් – නෑ .. වගකීමකින් කියනවා අපිට තවම වාර්තාව ලැබිලා නෑ.

රනිල් – නෑ ඇමති තුමා. එයා එවලා නැතිනම් අපි කියමු එවන්න කියලා.

බැසිල් – නෑ ඉතින්. අපි ඒක යවලා තියනවා. අපට ඩ්‍රාෆ්ට් එක එවලා තියනවා. ඩ්‍රාෆ්ට් එක අපේ අදහස් එක්ක…

රනිල් – හා… ඩ්‍රාෆ්ට් එක එවලා තියනවා.. හරි.

බැසිල් – ඩ්‍රාෆ්ට් එකනෙ එවන්නෙ මුලින්. ඊට පස්සේ රිපෝට් එක ෆයිනලයිස් කරලා බෝඩ් එකට දාලා ඒක ඒ කට්ටිය එවයි. ඉතින් ඒක… ඒක..

රනිල් –  හරි ඔබතුමා පිළිගන්නවා ඩ්‍රාෆ්ට් එක ආවා කියලා. මෙතෙක් කල් කිව්වෙ ආවෙ නෑ කියලා.

බැසිල්  – නෑ  ඩ්‍රාෆ්ට් එකක්.. ඉතින් අපි එක්ක සාකච්ඡා කරනකොට ඩ්‍රෆ්ට් එකක් තියනවනෙ… ඔබතුමා දන්නවානෙ   මට වැඩිය හොඳට….

රනිල් –  නෑ කමක් නෑ. අපට ඩ්‍රාෆ්ට් එකක් ආවනම් අපට දවසක් කියලා තොරගනිමු.

බැසිල් – දැන් ඩ්‍රාෆ්ට් එකද ඕන ඔයාට.?

රනිල් – ඩ්‍රාෆ්ට්… මට කමක් නෑ…  දෙනවා නම් පාර්ලිමේන්තුවට දෙන්න.

බැසිල් –  නෑ… ඩ්‍රෆ්ට් එක දෙන්න බෑ. මොකද ඩ්‍රාෆ්ට් එකේ අපි චැලේන්ජ් කරලා තියනවා.

රනිල් – නෑ මට දෙන්න එපා. දෙන එකක් පාර්ලිමේන්තුවට දෙන්න.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය දක්වමින් ප්‍රකාශ කළේ සියලු අනවශ්‍ය වියදම් කපා හැර ඒ සෑම  වියදමකින්ම සහන ලබා දෙන ආකාරයේ නව අයවැයක් ඉදිරිපත් කළ යුතු බවය. රටේ ජනතාවගෙන් සියයට පහනක් ඉන්නේ සහන ලැබිය යුතු මට්ටමක බව හිටපු අගමැතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය පහත දැක්වේ.

Share69Tweet43
Previous Post

අරාබියෙන් බොරතෙල් අරන් රුපියල්වලින් සල්ලි යවන අක්වෙරළ සමාගම  කුමක්ද? …

Next Post

කන්න නැති උතුරේ මිනිස්සු බෝට්ටුවලි නැගී ඉන්දියාවට පලා යනවා… සුමන්තිරන් සර්ව පාක්ෂික සමුළුවේ දී කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.