අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුවූ අනතුරුවලින් පුද්ගල මරණ 07 ක් මේ වන විට වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
එයින් පුද්ගල මරණ 06 ක් ගස් කඩා වැටීමෙන් වන අතර ඩිංගි බෝට්ටුවක් පෙරළීමෙන් එක් මරණයක් සිදුවී ඇතැයි ද එම මධ්‍යස්ථානයේ වාර්තා කරයි .
මේ අතරින් වැඩිම අනතුරු මරණ වාර්තා වීම පුත්තලම දිස්ත්‍රික්කයෙන් බවද එම වාර්තා පෙන්වා දෙයි .
පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ. නාත්තන්ඩිය, ආරච්චිකට්ටුව , ප්‍රදේශවලින් වයස අවුරුදු 39, 36, 22 , වියේ පසුවන කාන්තා මරණ තුනක් සහ ඩිංඟි බෝට්ටුවක් පෙරලීමෙන් 42 වියැති පිරිමි පුද්ගලයෙකුගේ මරණයක් වාර්තා වන බවත් ඉමදූව ,බලන්ගොඩ වලපනේ ප්‍රදේශවලින් වයස අවුරුදු 40 සහ 38 වයස්වල පසුව පිරිමි පුද්ගලයන් 03 දෙනෙකුගේ මරණ වාර්තා වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
මේ අතර අද( 25 )උදෑසන වන විට අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 172 ක පවුල් 11,765 ක පුද්ගලයන් 44 , 398 ක් බලපෑමට ලක්වී ඇතැයිද එම මධ්‍යස්ථානය වාර්තා කරයි .
එහිදී පුද්ගල මරණ 07ක්, තුවාල ලැබූවන් 13 ක්, නිවාස පූර්ණ හානි 10 ක්, සහ නිවාස අර්ධ හානි 2797ක් සිදුවී ඇතැයිද එම වාර්තා පෙන්වා දෙයි .