අයවැය මුදුණය කෙරුණු ඊයේ (11) සහ අද (10) දිනයේ රජයේ මුද්‍රණාල සේවක සේවිකාවන් රැසකට දින එක හමාරක නිවාඩු ලබා දී ඇති බව රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග උපුටා දක්වන ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි. එසේම අයවැය මුද්‍රණයට සම්බන්ධ මුද්‍රණාල සේවක පිරිස්වලට එය මුද්‍රණය කොට අවසන් වන තෙක් කාර්යාල පරිශ්‍රයෙන් පිටතට යාම ටද සීමා පවා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
රජයේ මුද්‍රණාල සේවක සේවිකාවන් ට මෙම නිවාඩු ලබා දී ඇත්තේ ඊයේ (11) දිනයේ දින භාගයක් සහ අද (12) දිනයේ සම්පූර්ණ නිවාඩුවත් ලබා දීමට ආදළ අංශ ප්‍රධානීන් කටයුතු කර ඇත.
ඉතිහාසයේ මීට පෙර මෙලෙස අයවැය වාර්තාවක් මුද්‍රණය වන දිනවලට සේවකයන්ට නිවාඩු ලබා දී නැති අතර මෙවර මෙසේ නිවාඩු ලබා දී ඇත්තේ එය රහසක් වශයෙන් තබාගැනීමටද යන්න පිළිබඳව සේවකයන් අතර පැනයක් නැගී ඇති බවද වාර්තාවේ.
කෙසේ වුවද රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කේ ලියනගේ මහත්මිය ඩේලි මිරර් පුවත්පකට පවසා ඇත්තේ සේවකයන්ට විශේෂයෙන් නිවාඩු ලබා දීමක් සිදුනොවුණු බවයි. මේ දිනවල පවතින තත්ත්වය මත අවශ්‍ය කාර්ය මණ්ඩල පමණක් ගෙන්වන අතර සෙසු සේවකයන් නිවසේ රැඳවීම සාමන්‍ය දෙයක් බව ඇය ප්‍රකාශ කර තිබේ.







