අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කැති පාර කා මළ සැලෝන් කාරයා ගැන නොකියන  කතාව…

by editor
නොවැම්බර් 12, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

සැලෝන් දෙකක් පවත්වාගෙන යමින් කෝටිපතියෙක් වී සිය පෙම්වතියගේ උපන්දිනයට රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෝටර් රථයක් පවා තෑගි දීමට තරම් වත්කමක් ඇතිව සිටි ව්‍යාපාරිකයෙක් බව කියන පුද්ගලයෙක් අනුරාධපුරයේ ගල්කඩවල ගලේපොස්ගම දී ඝාතනයට ලක්වන්නේ ඉකුත් 10 වෙනිදාය.

ඒ ඔහුගේ තවත් පෙම්වතියක් යැයි කියන 21 හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් රැගෙනයන්නට පැමිණි අවස්ථාවේ දී තරුණියගේ සහෝදරයා විසින් එල්ලකල කැති පහරකිනි.

කොළඹ 02, නවම් මාවකේ සහ නාවින්නේ  Salon hisa care සහ Groom Scord නමින් සුපිරි කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු බව  කියන මේ තැනැත්තා සමාජය හමුවේ පෙන්වූයේ තමා  කෝටිපතියෙක් වූයේ එම ව්‍යාපාරයෙන් බවය.  එහෙත් ඒ වත්කම් පිළිබඳ නොවිසඳුණු ගැටලු ඇති බව පොලිසිය  දැන් කියන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පැතුම් මල්ලවආරච්චි  ගැන  ඔහු හැදී වැඩුණු  පරිසරයෙන් මෙන්ම  පොලීස් තොරතුරුවලින් හෙළි වන්නේ වෙනස් කතාවකි.    කුඩා කල ඔහු ජීවත් වී ඇත්තේ ගල්කඩවල ඔහු කැති ප්‍රහාරයට ලක්වූ නිවසේ  ය. දෙමාපියන්ගේ හව්හරණක් නොමැතිව ජීවත්වූ ඔහු  ගැටවර අවධියේ දී  සුළු සොරකම් සහ සමාජ විරෝධී ක්‍රියා  සම්බන්ධව  පොලීසියට හසුවී ඇති ඉතිහාසයක් සහිත තැනැත්තෙකි. හිටි හැටියේම වසර කිහිපයකට පෙර ගමෙන් අතුරුදන් වන ඔහු නැවත මතුවන්නේ කෙටි කළකින් සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නන්වා ගත් තරුණ කෝටිපති ව්‍යාපාරිකයෙක් ලෙසිණි.  ඔහු තමන්ගේ ගමන ගැන විවිධ අවස්ථාවල දී සමාජ මාධ්‍යයට අනුවේදනීය කතා කීවේය. තමන් ජීවිතය ගොඩනගා ගැනීමට කළ කැප කිරීම ගැන කතා කළේය.

“ජිවිතෙ මාරම නපුරු කාලයක් තිබ්බා…  මම එද්දි මිනුස්සු මාව පිලුකුල්  කළා.   දුක් විඳ විඳ හැමතැනම ඇවිදපු කාලයක් තිබ්බ. මුලු ජිවිතේම එපා වෙච්චි කාලයක් තිබ්බ .  මට වටිනාකමක් දුන්නේ මගෙ වෘත්තිය.  අම්මා තාත්ත නැතුව අධ්‍යාපනයක් නැතුව  කව්රුත් ගනන් ගන්නෙ නැතුව හිටිය මාව ගොඩ දැම්මෙ මගෙ රස්සාව. “ ඔහු සිය ෆේස් බුක් ගිනුමේ එසේ සටහන් කර තිබිණි.

ඔහු කියන්නේ වසය අවුරුදු 14 දී කොණ්ඩය කපන කතුර ඔහුගේ අතේ දැවටුණු බවය.  ඒ රැකියාව තමන්ගේ පියාගෙන් තමන්ට  ලැබුණු බවය.

“ඉස්සෙල්ලාම කොන්ඩෙ කපන්න ගත්තෙ රුපියල් 20ට. ඔව් මට මේ ජොබ් එක එපා වෙච්චි කාලයක් තිබුනා . මම එක එක වැඩ කළා.  එත් මට හිතට වැදුණු ජොබ මෙක.  එක නිසා මම මේක ගොඩක් ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නවා . මම විස්වාස කරන්නේ තමන් දන්න දෙ හරියට ඉගෙන ගෙන ආදරෙන් ආසවෙන් ඒ දේ පටන් ගත්තොත් ඕනෙම වෘත්තීයක් කරන කෙනෙකුට ඉක්මනින් ගොඩ එන්න පුළුවන්.

“මොකද මම අවුරුදු 20  මේක දැනගෙන හිටියට මේකෙන් ගොඩ එන්න ඔනෙ කියලා හිතුවෙ 2015 දි.   ඉතින්  මොන වෘත්තීයක් කරන කෙනෙකුට උනත් ඒ දේට  ආසවෙන් හරියට ඉගෙනගෙන ප්ලෑන් කරලාපටන් ගත්තොත් ඉක්මනින් ගොඩ එන්න පුලුවන්. “ මීට මාස කීපයකට පෙර ඔහු ෆේස් බුක් සටහන තබන්නේ එසේය. ඒ වනවිට ඔහු කෝටි දෙකක වාහනයක් තමන්ගේ පෙම්වතියට මිලදී  ගෙන තෑගි කර ඉවරය.

එහෙත් ඔහු කළ වෙනත් කළු ව්‍යාපාර ගැන තොරතුරු ලැබෙන්නේ ඔහු තමන් කුඩා කල හැදී වැඩුණු නිවසේ  දී කැති පාර කා මැරී වැටුනු පසුය.

ඔහු තමා හැදී වැඩුණු නිවැසියන්ගේ 21 හැවිරිදි දියණිය සිය පෙම්වතියක් ලෙස ඇසුරුකළ බව කියැවිනි.  මේ තැනැත්තා ඉකුත් දිනක ඇය කොළඹට රැගෙන යන්නේ  ඇයට රැකියාවක් සොයා දෙන්නට යැයි කියාය. පොලිස් විමර්ශකයන් හෙළි කරගෙන ඇත්තේ  ඔහු ඇයට සොයා දුන්නේ කාන්තාවකට අමිහිරි රැකියාවක් බවය. ඇය ඒ ගැන සිය මවටද පැවසුවාය. ඒ නිසාම සිය දියණිය ගැන කිසිදු තොරතුරක් නැතැයි කියා ඇය පොලීසියටද ගොස් තිබුණාය. අවසානයේදී ඇය දින කිහිපයකට පසු එතැනින් බේරී නිවසට ආවාය.

මේ තැනැත්තා ඇගේ සහෝදරයාගේ කැති පහරින් මරුමුවට පත්වන්නේ නැවතත් ඇයව බලහත්කාරයෙන් ඔහුගේ ඒ තිරිසන් රැකියාව සඳහා   රැගෙනයාමට පැමිණි අවස්ථාවේදීය.

එදා ඔහු පැමිණ ඇත්තේද තනිවම නොව, කිහිප දෙනෙක්ද සමගිනි. මේ පුද්ගලයා කැති පහරින් ලේ විලක් මැද ඇද වැටෙන විට බියට පත් ඔහුගේ සහචරයන් පළා යන්නේ ඔහුවත් ඔසවාගෙනය.

බරපතල තුවාල සහිතව මෙම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි. එහිදී ඔහු මිය ගියේය.  කැති පහර එල්ල කළ තරුණියගේ සහෝදරයා  මේ වනවිට  පොලිස් අත්අඩංගුවේය.  කාලය තවත් බොහෝ දේ හෙළි කරනු ඇති බව පමණක් දැනට ලියා තැබීම ප්‍රමාණවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පහළ කඩුගන්නාව නුවර පාරට මායිම් කන්දේ  විශාල භූ පැල්මක් … ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙළි කරයි…

Next Post

අයවැය මුද්‍රණය කළ අද ඊයේ සහ අද රජයේ මුද්‍රණාල සේවකයන්ට නිවාඩු දෙයි?

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.