බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමූලික බොරු කියමින් පැරණි ජරා කිලිටි වැඩේම කරන්න එපා… ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිසිදු ඇඳුම් ඇඳගන්න… ජනපති මාධ්‍ය නාලිකාවකට කියයි!

by editor
ඔක්තෝබර් 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් සහ තුන්දෙනෙක් සහිත කැබිනට් මණ්ඩලයක් පවතින අවස්ථාවක අන්තර්වාර ආණ්ඩුවේ බලය දුර්වල කිරීම සඳහා එක්තරා මාධ්‍ය නාලිකාවක් පමණක් නොව, යම් දේශපාලන කන්ඩායම් ද සැලසුම් සහගත අසත්‍ය ප්‍රචාර ගෙන යමින් රට අරාජික කිරීමේ උත්සාහයක නිරතවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (30) හෙළි කළේය.

ආර්ථිකයේ අස්ථාවරභාවය සහ සමාජ අනාරක්‍ෂිතභාවයක් සම්බන්ධයෙන් වගකීම් රහිත අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන   අදාල මාධ්‍ය නාලිකාවෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් මාධ්‍යයට විශාල වගකීමක් පැවරී ඇති බැවින් මෙතෙක් පැළඳ සිටින කැත කිලිටි ඇඳුම් ඉවත් කර වගකීම් සහිත මාධ්‍ය භාවිතයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එකතුවන ලෙසය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී පැවති ජාතික ජන බලවේගය මාතර දිස්ත්‍රික් රැලිය අමතමින් ජනාධිපතිවරයා මෙසේත් පැවසුවේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඉතිහාසයේ මැතිවරණ සම්බන්ධයෙන් බලය තිබෙන අය අනෙක් පාක්‍ෂිකයන් බියවැද්දීමේ කැත පන්නයේ ප්‍රචාරක ව්‍යාපාරයක් තිබුණා. ලංකාවේ පළමු වතාවට ඒ කැත පන්නයේ දේශපාලනය අවසන් කරමින්, ඉතාමත් සාමකාමී දේශපාලන ව්‍යාපාරයකට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ සලසා දී තිබෙනවා. සෑම පැත්තෙන් ම දියුණු රාජ්‍යයක් බවට මේ රට ඉදිරියට ගෙන යාමේ සැබෑ අවශ්‍යතාවක් ජාතික ජන බලවේගයට තිබෙනවා. චණ්ඩිකම්වලින් ඡන්ද කරන්න නැවත කිසි දවසක මේ රටේ ජනතාව ඉඩ තබන්නේ නැහැ. මාතර ජනතාව බියපත් කර තර්ජනය කර මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වූ යුගයක් තිබුණා. මාතර පමණක් නොවෙයි, ලංකාවේ කොතැනකවත් පුරවැසියන් බිය කරන දේශපාලනයකට, චණ්ඩින්ට ඉඩක් නැහැ. අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා. තමන්ගේ මතය කියන්න අවස්ථාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා. නමුත්, රැස්වීමක් කර ගන්න බැරි වුණාට අපට කරන්නට දෙයක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි, ඔවුන්ගේ නොහැකියාව පිළිබඳ ප්‍රශ්නයක්.

අප ඡන්ද ව්‍යාපාරය කරන්නේ අනෙකා දිහා බලාගෙන නොවෙයි. ජනාධිපතිවරණයේ දී අපට ලබා දුන් ජයග්‍රහණය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න නොවැම්බර් 14 වැනිදා මැතිවරණයේ දී මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන එකයි අපේ වැඩේ. අනෙක් කට්ටිය කරන වැඩ අපට වැඩක් නැහැ. මාතර දිස්ත්‍රික්කයෙන් ශක්තිමත්ම ජනවරමක් මාලිමාවට ලබා දෙන බව අතිශයින්ම විශ්වාසයි.

භූමියේ රැස්වීමක් කර ගන්න බැරි අය රූපවාහිනියේ පැරැණි කිළිටි ප්‍රචාර ගෙන යමින් සිටිනවා. ආර්ථිකය පිළිබඳව සංවේදී කරුණු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය කරමින් සිටිනවා. ‘ආණ්ඩුව මුදල් අච්චු ගහයි’ කියලා මුලින් ප්‍රචාරය කර ඒ නාලිකාවම ඊළඟට අහනවා, “ආණ්ඩුව මුදල් අච්චු ගැහැව්වාද?” කියලා. “ඊළඟට මුදල් අච්චු නොගැසූ බව පවසයි” යනාදී වශයෙන් පැරැණි, කිළිටි, අවලස්සන ඇඳුම් තවමත් ඉවත් නොකර සිටිනවා. අප ඔවුන්ට ආරාධනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳ ගන්න කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ දී මාධ්‍යවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය නිසි පරිදි ඉටු කරාවි කියන බලාපොරොත්තුව අපට තිබෙනවා.

පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් පිළිබඳව වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් ඉතාමත් සැලැසුම්සහගතව ජනතාව කලබලයට පත් නොවන ලෙස සංචාරක ව්‍යාපාරයට බාධා නොවන ලෙස පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගත්තා. බුද්ධි අංශ තොරතුරක් ආවාම ආණ්ඩුව නිවැරැදිව ක්‍රියා කරන්නේ එහෙමයි. මාතර එක්කෙනෙක් කෑගහනවා, මාධ්‍යයට නොකීවේ ඇයි කියලා. එයා ගිහින් මාතර නැත්නම්, මිරිස්සේ මුර කරන්නද? නිසි ආරක්‍ෂක පියවර අරගෙන සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත් අප සමත් වුණා. එහෙත්, ලෝකයේ යුද ගැටුම් තත්ත්වයන් වර්ධනය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලෝකය පුරා අනතුරක් නිර්මාණය වී තිබෙනවා. එවැනි අනතුරක් ලංකාව තුළ ඇති නොවීමට ක්‍රියා කිරීමේ වගකීම නිසි ලෙස අප භාරගෙන ක්‍රියා කරනවා.

එසේ තිබිය දී, එක් නාළිකාවක් මුළුමනින් ම අසත්‍ය ප්‍රචාර ගෙන ගියා. ඉන්දියාවෙන් තොරතුරු ලැබුණු බවත්, ප්‍රහාරය සඳහා මුදල් ලබා දී තිබූ බවත් වශයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා.

මේ අසත්‍ය ප්‍රචාරවල අරමුණක් තිබෙනවා. අප බලය අරගෙන ගෙවී ගිය කෙටි කාලය තුළ අපට ස්ථාවර බලය තිබෙන්නේ සීමිත ස්ථාන කිහිපයක. ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය වශයෙන් ඉතාම කුඩා පාලන ඒකකයක් අපට තිබෙන්නේ. මහා මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. පළාත් සභා සහ පළාත් පාලන ආයතන අක්‍රිය වී තිබෙනවා.

නමුත්, තුන්දෙනෙක් සහිත කැබිනට් මණ්ඩලය පවතින නිසා බලය ශක්තිමත් ආකාරයට වර්ධනය කර ගැනීමට ඉඩ නොදී දුර්වල කරන්න ඔවුන් අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ඒ නිසා අකර්මණ්‍ය කර අඩාළ කර අරාජික කිරීමේ අරමුණින් ඔවුන් මේ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ආර්ථිකයේ අස්ථාවරභාවය සහ සමාජ අනාරක්‍ෂිතභාවයක් සම්බන්ධයෙන් මාධ්‍ය නාලිකා පමණක් නොවෙයි, දේශපාලනයේදීත් අසත්‍ය තොරතුරු කියමින් සිටිනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට තීරණය කර සල්ලිත් වෙන් කළ බව කියනවා. අනධ්‍යයන කාර්යමණ්ඩලයේ වැටුප් ප්‍රශ්නයකට විසැඳුම් නොදී මාස තුනක් විශ්වවිද්‍යාල වහලා තිබුණා. රනිල්, ඔයාගේ කතා වැඩක් නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩි කරන ක්‍රියාමාර්ග ගන්නවා. ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් රාජ්‍ය සේවකයන් ලබා දී තිබීම නිසා ඔවුන් බිඳවට්ටන අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ඒ වාගේම මාස දෙක, තුනකින් ආණ්ඩුව වැටෙන බවටත් ප්‍රචාර ගෙන යනවා. රට ගොඩනඟා මිස අප නතර නොවන බව ඔවුන්ට මතක් කරනවා.

රට පිළිබඳ ප්‍රතිරූපය පාර්ලිමේන්තුවෙන් පිළිබිඹු වන ආකාරයේ ආදර්ශවත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් එය පිරිසිදු කිරීමේ මහා කාර්යභාරය අප ඉටු කරනවා. ඒ වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා විශාල කාර්යභාරයක් ජනතාවට පැවරී තිබෙනවා.

මේ වන විට තුන්දෙනකුගෙන් පවත්වාගෙන යන ආණ්ඩුව වෙනුවට දෛනික කාර්යයන් නිසි පරිදි අඛණ්ඩව පවත්වාගෙන යමින්, ජාත්‍යන්තරය ජයගත හැකි ස්ථාවර පාලනයක් පිහිටුවා ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්නත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අණපනත් සම්මත කර ගන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ වාගේම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියත් දියත් කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් ඉදිරිපත් කරනවා. කාන්තාවන්ට සහ සංචාරකයන්ට පිරිසිදු වැසිකිළි පද්ධතියක් ස්ථාපනය කරන්න ඕනෑ. ඒ වාගේම අපේ රටේ පුරවැසියන්ට එකිනෙකා කෙරෙහි ගෞරවයක් ඇති වෙන ආකාරයට ආචාර-සමාචාර කිරීමේ සංස්කෘතියක් ගොඩනඟන්න ඕනෑ. නීතියට සහ විනයට ගරු කරමින්, පරිසරයේ පිරිසිදුකමත්, සමාජ සංස්කෘතික ජීවිතයේ පිබිදීමකුත් ඇති කිරීම වෙනුවෙන් හැම කෙනකුටම දායක විය හැකි අරමුදලක් පිහිටුවනවා. බාහිර පරිසරයේ පිරිසිදුකමත්, විනයක් සහිත සමාජයක් මෙන්ම සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන රටක් බවට ලංකාව වර්ධනය කරනවා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරමින්, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය දියත් කරනවා. සහල් ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථාවර කරමින්, නිෂ්පාදකයාත් රැක ගන්නා ක්‍රියාමාර්ග දැනටමත් සැලැසුම් කර අවසන්. එළැඹෙන මහ කන්නයේ දී රජයේ ගබඩා සියල්ල පිරෙන්න වී මිල දී ගන්නවා. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට අත්තනෝමතික ලෙස සහල් වෙළෙඳපොළ හසුරුවන්න අප ඉඩ දෙන්නේ නැහැ.

හිටපු නායකයන් පාස්පෝට් පෝලිම් ඇති කිරීම, ආහාර මිල ඉහළ පහළ යාම වාගේම ආපදා කළමනාකරණයේ දී කාර්යක්‍ෂම නොවීම ආදී පොදු ජනතාවගේ ගැටලු ගොඩගසා තිබෙනවා. මහජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් හැටියට ජාතික ජන බලවේගය ක්‍රමානුකූලව නිසි සැලසුම් ඉදිරියට ගෙන යමින් සිටිනවා.
අපේ ආණ්ඩුවේ බලය පවතින්නේ විධායක ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ සිටින සංඛ්‍යාව මත නොවෙයි; ජනතාව මොන තරම් ප්‍රමාණයකින් ආණ්ඩුවත් සමඟ ඉන්නවාද යන්න මතයි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය දුන් අයටත් වඩා වැඩියෙන් මහා මැතිවරණයේදී අපට ඡන්දය ලබා දෙනවා. මෙතෙක් ගොඩනැඟුණු ආණ්ඩුවලට ඡන්දය දුන් ජනතාවගේ කලකිරීමට හේතු වුණා. ඡන්දය දුන් ජනතාවගේ පමණක් නොවෙයි, ඡන්දය නොදුන් ජනතාවගේත් විශ්වාසය දිනාගත හැකි ආණ්ඩුවලට පමණයි දිගුකාලීනව පැවැතිය හැක්කේ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියන්නේ ඒ වැනි මහජන විශ්වාසයක් දිනා ගනිමින් නිරන්තරයෙන් ඉදිරියට යන ආණ්ඩුවක්. එම ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් මහා මැතිවරණයේ දී ශක්තිමත් බලයක් ජාතික ජන බලවේගයට ලබා දෙන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉස්සරහට රට වැටෙනවා… වැටෙන රට ගොඩගන්න රනිල් යටතේ පුහුණු වූ කණ්ඩායම පාර්ලිමේන්තු යවන ලෙස අනුරාධ ජයරත්න ඉල්ලයි!

Next Post

රනිල් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කළේ නෑ… මගේ කලින් නායකයා වුනත් රනිල්ට කිව යුත්තේ ගෝත්‍රික දේශපාලනයෙන් දැන්වත් ඉවත් විය යුතු බවයි… දිළුම් කියයි…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.