-
වෛද්‍ය සභාව අවුරුද්දකට 1000-1200ක් නිකුත් කරන වෘත්තීය භාවය පිළිබඳ සහතික පසුගිය මාස අට තුළ පමණක් 2208ක් නිකුත් කරලා…
-
වෛද්‍යවරු 500 සේවය අත්හැඑ ගිහින්… පසුගිය මාස දෙක තුළ පමණක් සේවය අත්හැර ගිය වෛද්‍යවරු ගණන 50ක්
වෛද්‍ය සභාව මගින් පසුගිය මාස 8ක කාලයක් සදහා වෛද්‍යවරුන්ගේ වෘත්තීය භාවය පිලිබඳ සහතික 2208ක් නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල විජේසිංහ සඳහන් කරයි.
වෛද්‍යවරයෙක් විදේස් ගතව රෝගී සත්කාර සේවාවේ යෙදීමට නම් මෙරට වෛද්‍ය සභාව මගින් වෘත්තීය භාවය පිලිබඳ සහතියය නිකුත් කිරීම අනිවාර්ය බව වෛද්‍ය විජේසිංහ පෙන්වා දෙයි.
සාාමානයෙන් මෙම සහතිකයන් වසරකට 1000 – 1200 අතර සංඛ්‍යාවක් නිකුත් කරන නමුත් මේ රටේ පවතින ආර්ථික අර්බුධයන් හමුවේ විදෙස්ගතවන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව පෙනී ගොස් ඇතැයි හෙතෙම කියයි.
මේ වන විට වෛද්‍යවරු 500ක සංඛ්‍යාවක් සේව අතහැර ගොස් ඇතැයිද පසු ගිය මාස 2ක කාලය තුළ පමණක් වෛද්‍යවරු 50ක් සේවය අතහැර ගොස් තිබෙන බවද වෛද්‍ය චමිල විජේසිංහ අනාවරණය කරයි.







