සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්ගොඩ ධීවර වරායේ විෂ වායු ආග්‍රහණයෙන් ධීවරයෙක් මිය ගිය අනතුර සිදුවුන හැටි… තවත් ධීවරයින් 02කට අසාධ්‍යයයි…

Eleven others hospitalized

by editor
පෙබරවාරි 7, 2024
in පුවත්
ශෂිනි දුව බහුදින ධීවර යාත්‍රාව

ශෂිනි දුව බහුදින ධීවර යාත්‍රාව

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –

අම්බලන්ගොඩ ධීවර වරායේ නැව් තටාකයේ තිබී ධීවර යාත්‍රාවක මාළු රැස් කර තබන ටැංකිය තුළ සැදි විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ධීරවයින් 11 දෙනෙක් බලපිටිය රොහලට ඇතුළත් කිරීමෙන් පසු එක් ධීවයෙක් මිය ගොස් තිබේ.

මේ වනවිටත් ධීවරයින් 09 දෙනෙක් බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඉන් ධීරවරයින් දෙදෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ගනිමින් ඇත.   ධීවරයින් 07 දෙනෙක් වාට්ටු අංක 12හි ප්‍රතිකාර ලබමින් සිටින අතර එක් ධීවරයෙක් ප්‍රතිකාර ලැබ රෝහලෙන් පිටවී ගොස් තිබේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.


මීට මාස දෙකකට පමණ පෙර අරාබි මුහුදේ මසුන් මැරීමට ගිය ශෂිනි දුව බහුදින ධීවර යාත්‍රාව පසුගිය 05 වැනිදා අම්බලන්ගොඩ ධීවර වරාය වෙත පැමිණ තිබුණේ මසුන් කිලෝ 4000කට ආසන් අස්වැන්නක් ද සහිතවය.

සාමාන්‍යයෙන් බහුදින ධීවර යාත්‍රාවක් මත්ස්‍ය අස්වැන්න සමග පැමිණි විට එම යාත්‍රාවේ ගබඩාවෙහි ඇති මසුන් ඉවත් කිරීම, යාත්‍රාව සුද්ද පවිත්‍ර කිරීම, යළි දිගු සමුද්‍රායනයක් සඳහා යාත්‍රාව සූදානම් කිරීම සිදුකරනු ලබන්නේ වරායේ වැඩ කරන සේවකයින් විසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශෂිනි දුව යාත්‍රාවේ මත්ස්‍ය අස්වැන්න ගබඩා කර තිබූ අයිස් සහිත ගබඩාවේ තිබූ මසුන් කිලෝ හාර දහසකට ආසන්න ප්‍රමාණය පෙරේදා සහ ඊයේ දිනවලදී ඉවත් කර වෙළෙඳපල වෙත යොමු කර තිබිණි.  ටැංකියේ  අද වනවිට ඉතිරිව තිබී ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර ගමන් කිරීම ආරම්භ කළ අවස්ථාවේදීම ඇල්ලූ “ වන්නෝ” නැමැති මාළු විශේෂයේ කූරි 05 දෙනෙක් ටැංකිය පත්ලේ තිබී ඇත.

ඉතිරි වූ “වන්නෝ” කූරි 05 දෙනා ගැනීම සඳහා අද හවස වරායේ සේවය කරන කාර්මිකයෙක් දවසක් පුරා වසා තිබූ ටැංකිය ඇර ඊට බැස තිබේ. මේ වනවිට මාලු ලේ සහ දියවූ අයිස්වල වතුර අඩි එක හමාරක් පමණ උසට ටැංකිය තුළ තිබී ඇත. මාළු කූරි හතර දෙනා ගන්නට ටැංකියට බැසගත් පුද්ගලයා එක්වරම සිහි නැතිව ඇදවැටී තිබේ. ඔහුව බේරා ගැනීමට තවත් පුද්ගලයෙක් බැස ඇත. ඔහු ද සිහි නැති වී තිබේ. මේ ආකාරයෙන් පුද්ගලයින් 11 දෙනෙක් ටැංකියට බැස තිබෙන අතර ඔවුන් 11 දෙනාම සිහි නැතිව වැටීමෙන් අනතුරව නාවික හමුදාව සහ වරායේ  ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදෙන කණ්ඩායම ආරක්ෂිත මුහුණු ආවරණ සහිතව යාත්‍රාවේ ටැංකියට බැස සිහි සුන්ව සිටි පුද්ගලයින් 11 දෙනා ගොඩට ගෙන වහාම බලපිටිය රෝහල වෙත යොමු කර තිබිණි.

එසේ ගෙන යද්දී එක් වරක් පමණක් සිහිය පැමිණි ටැංකියට මුලින්ම බැස්ස ධීවර කාර්මිකයා රෝහලට ඇතුළත් කිරීමටත් පෙර මිය ගොස් තිබේ.

අනතුර සිදුවූ ටැංකිය සහ ටැංකිය වසා දමා ඇති මූඩි…

එසේ මියගොස් ඇත්තේ  පොකුණ පාර පරහගතොට වතුගෙදර පදිංචි 44 වියැති එච්.එම්. සරත් කුමාර නැමති ධීවර කාර්මියාය. මෙම අනතුරට ලක් වූ ධීවර කාර්මිකයින් සියලු දෙනාම පළපුරුද්ද සහ අත්දැකීම් සහිත පුද්ගලයින් බව  ද වාර්තා වේ.

මේ වනවිට විෂ වායුව ආග්‍රහණය වූ තවත් ධීවර කාර්මිකයින් 02ක් බලපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව හිඳිති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ අම්බලන්තොට ධීවර වරායේ නිලධාරීන් ප්‍රකාශ කළේ මොනතරම් අත්දැකීම් ඇතත් සුළු නොසලකා හැරීමක් විශාල ව්‍යසනයක් ඇති කළ හැකි බවය.  යාත්‍රාවේ මාළු ගබඩා කරන අයිස් ටැංකිය වෙත එක් වරම නොබැස වසා තිබෙන ප්‍රවේශය මද වෙලාවක් විවර කර තබා ටැංකියට බැස්සා නම් මේ ආකාරයේ ව්‍යසනයක් සිදුනොවන බවත් මාළු හිස් කර අයිස් අඩු වූ ටැංකි තුළ මාළු ලේ සමග මිශ්‍රවී ජලය ඇති බැවින් විෂ වායු නිපදවීමේ ඉඩක් ඇති බවත් එම නිලධාරීහු පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙනෝදාහක් ඉදිරියේ රද්දල්ගොඩ කළුවසන්ත ගැසූ ගේම වීරඟුල – බෙම්මුල්ල – පල්ලේවෙල පොලිසි ඒකාබද්ධ මෙහෙයුමකින් සුන්… පැහැරගත් වාහනය සැකකරුවන් 08ක් සමග අත් අඩංගුවට….

Next Post

මරණය සැකයි… සනත් නිශාන්තගේ බිරිය නීතිඥ චමරි ප්‍රියංකා සී.අයි.ඩී යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.