අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභූත චෝදනා කරනවුන් උපදින්නේ නිරයේම තමයි…

අද්මිරාල් වීරසේකර පාර්ලිමේන්තුවේ දී ධර්මයෙන් කියා දෙයි....

by editor
ජූනි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බල්ලන් බුරන්නේත්, නරි හූ කියන්නේත් සඳ බබලන විට බව අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අද 908) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඝණ පර්වතයක් සුළඟින් නොසෙල්වෙන්නාක් මෙන් උගත් බුද්ධිමත් මිනිසුන් නින්දා අපහාස හා ගැරහීම් අතර නොසෙල් වී සිටින බවත් බුදුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ නින්දා අපහාස කරන දුස්සීල මනුෂ්‍යයන්ගේ කතා හමුවේ නොසැලී ස්වකීය යහපත් අරමුණු කරා ගමන් කළ යුතු බවත් යැයි ද ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට තමන් සම්බන්ධ කරගෙන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරී යන චෝදනාවලට පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කිරීමක් ලබා දෙමිනි.

ඇමතිවරයා කීවේ තමන් කිසිම අවස්ථාවක පුද්ගලයින් පිරිසක් නිරෝධායනය නවත්වා නැවත කොළඹට රැගෙන ඒමට උපදෙස් නුදුන් බවය.  සිද්ධියට අදාල පුද්ගලයෙකුගේ නීතිඥවරයෙක් තමන් අමතා ඇඳිවත පිටින් තම සේවා දායකයා හා සම්බන්ධ පිරිසක් දෙසතියක් නිරෝධායනය සඳහා පස්සරට රැගෙන යන බව කියා එය අසාධාරණ බව පෙන්වා දුන් බවය. අනතුරුව බස් රථයේ සිටින පුද්ගලයන් දෙදෙනෙක් ද ඒ පිළිබඳව තමන් දැනුවත් කළ නිසා බස් රථයේ ගමන් ගත් උපපොලිස් පරීක්ෂකවරයාගෙන් ඒ බව තහවුරු කරගෙන බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කළ බවය. 

ඒ අනුව  මේ පිරිසට අවශ්‍ය ඇඳුම් ලබා දීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පිට බස් රථය තලංගම පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඔවුන්ගේ ඥාතීන් හරහා ඇඳුම් ලබා දුන්නා මිස බස් රථයෙන්වත් බසින්නට නුදුන් බව ඔහු පැහැදිලි කළේය.  ඇඳුමක්වත් නෙමැතිව දින 14ක් රඳවා තැබීමට රැගෙන යෑම කුමන තරාතිරමක මනුෂ්‍යයෙකුට වුවද සිදු නොකළ යුතු අකටයුත්තක් ලෙස තමා විශ්වාසකළ නිසා ඊට මැදිහත් වූ බවත්, තමන්ගේ මැදිහත්වීම එපමණක් බවත් කී අද්මිරාල්වරයා පැහැදිලි කළේ තමන් මේ මැදිහත්වීම කළේ පොලිසිය භාර ඇමතිවරයා ලෙස පමණක්ම නොව මහජන නියෝජිතයෙක් හා මනුෂ්‍යයෙක් ලෙස බවය. .

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

“මෙවැනි සිද්ධියක් මුල් කරගෙන මඩ ගසා මනුෂ්‍යයෙක් විනාශ කළ හැක්කේ කුහක දුෂ්ටයෙකුට විතරයි. මගේ අවුරුදු 47ක හමුදා ජීවිතයේ හා දේශපාලන ජීවිතයේ දී මා මිනිසුන්ට උදව් කළ ආකාරය ගැන මා ගැන දන්න මිනිස්සු දන්නවා. එක්තර වෙබ් මාධ්‍ය ජලාවක් කිව්වා මගේ පුතාගේ මගුල් ගෙදර ෂැංග්‍රිලා හෝටලයේ ගත්තා එක්තරා රූපලාවණ්‍ය ශිල්පියෙක් මට මිලියන දෙකක උපාකරයක් කළා කියලා. ඒ සියල්ල අමූලික බොරු.
මගෙ පුතා වෛද්‍යවරියෙක්. ඔහු සහ මගේ ලේලිය   ඇඳුම් රැගෙන ගියා කියන කතාව අමූලික බොරුවක්…“

මම අවුරුදු 35ක් නාවික හමුදාවේ සේවය කළා. සතුරු ප්‍රදේශවලට ගිහින් මරා දමන්න නියමිතව සිටි සෙබළුන් ගණනාවක් ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම් කළා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හදා තර්ජිත ගම්මානවල ජීවත්වන මිනිසුන්ගේ ජීවිත බේරා ගත්තා. මගෙ මුලු ජීවිත කාලයම මේ රට වෙනුවෙන් කැප වී තිබෙනවා. අද මා පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ස්ත්‍රී දූෂකයන්ගෙන්, කුඩු කාරයන්ගෙන්, කප්පම් කාරයන්ගෙන් අපරාධකරුවන්ගෙන් ජනතාව මුදා ගන්න සැලසුම් දිවා රෑ දෙකහිම දහනවා.

එසේ කළ මට  මගේ රටේ මිනිස්සු ගැන   අප්‍රසන්න වුණු එක් අවස්ථාවක් තමයි මේ ගෙවිලා යන්නෙ. මේ මඩ ගහලා මාව විනාශ කරන්නේ කුඩු කාරයො කප්පම් කාරයො අපරාධකාරයෝ හෝ ත්‍රස්තවාදීන් නොවෙයි. මේ රටේ සාමාන්‍ය මිනිස්සු. ඔවුන්ගේ පහත් මානසිකත්වය පිළිබඳව මා පුදුම වෙනවා.

මගේ පුතාට, දියණියට, ලේලියට මේ එක දිගට මඩ ගහමින් සිටිය දී දෙස් විදෙස්වල හැදුණු මගෙ ප්‍රතිරූපය විනාශ කරමින් සිටිය දී මා වෙනුවෙන් පෙනී සිටි මා ගැන දන්නා මාධ්‍යවේදීන්ට, උගත් භික්ෂූන්වහන්සේ ප්‍රමුඛ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම කිව යුතුයි. මගේ ප්‍රතිරූපය හානි කරමින් ද්වේශ සහගතව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ අයට එරෙහිව මා නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා. තොරතුරු ප්‍රකාශ ගලා යෑමේ තොරතුරු හුවමාරු කරගැනීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරනවා. එහෙත් ද්වේශයෙන් කරන අපරාධවලට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

අවසාන වශයෙන් කියන්නේ … අභූත චෝදනා කළ උන් උපදින්නේ නිරයේමයි..

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඕස්ට්‍රේලියානු පොලිසිය ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ඇප් එකක් හැක් කරයි

Next Post

“ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් සංවර්ධන කටයුතු කරන්නේ නැහැ “

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.