සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් සංවර්ධන කටයුතු කරන්නේ නැහැ “

by Lanka Sara Editor
ජූනි 8, 2021 - Updated on ජූනි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

* මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳව කඩිනම් පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් කැඳවයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අධිවේගී මාර්ග ව්‍යාප්තිය භාර නිලධාරීන්ට උපදෙස් දෙයි .

අධිවේගී මාර්ගයේ හේතුවෙන් ම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යට වූ බවට ජනතාව මතුකරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහා මාර්ග අමාත්‍යාංශයේ අද (8) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය

ගම්පහ ප්‍රදේශය පෙර නොවූ පරිදි ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට හේතු වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සාකච්චාවේදී ඊට හේතු වූ කරුණු ගණනාවක් ද අනාවරණය විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම යළි සමාලෝචනය පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරුණු අතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයට හේතු වූ කරුණු විමර්ශනය කර වාර්තාවක් සැකසීම සඳහා ඒකාබද්ධ කමිටුවක් ද පත් කෙරිණි ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළ අතර ඊට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේත් මහා මාර්ග දෙපාර්තමේන්තුවේත් නිලධාරීන් ඇතුළත්වේ. දින හතරක් ඇතුළත මෙම වාර්තා ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

කෙටිම කාලයක් තුළ වැඩිම වර්ෂාපතනයක් ගම්පහ දිස්ත්‍රික්කයට වාර්තා වූයේ මෙවර බවත් එය මිලිලීටර් 250 ත් 300 ත් අතර වූ බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී සකස් කොට ඇති නියාමන මාර්ග හා සේවා සැපයුම් මාර්ග නිසි සැලසුමකට ඉදි නොකිරීම සහ ඊට අදාළ ජලය බැසයාමේ කාණු පද්ධතිය නිසි පරිදි ඉදිනොකිරීමත් ගම්පහ නගරය ඇතුළු ප්‍රදේශ වල ජල ගැලීම් ඇති වීමට හේතුවක් ව ඇති බව රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මැති ඇමතිවරු පෙන්වා දුන්හ

වසර 50 කට අධික කාලයක් ගංවතුරෙන් යට නොවුණු ප්‍රදේශ පවා මෙවර ගංවතුරෙන් යටවී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීම සඳහා හේතු වූ කරුණු සියල්ලම සැලකිල්ලට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලසුම් පිළිබඳව නැවත නිසි අධ්‍යයනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවත් ගම්පහ දිස්ත්‍රික්කය පුරා පවතින ඇළවේලි කාණු පද්ධති පිරිසිදු කොට පිළිසකර කිරීමේ වැඩපිළිවෙල නැවත ආරම්භ කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ජනතාව පීඩාවට පත්වන ආකාරයට අධිවේගී මාර්ග ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් ඵලක් නොවන බව ද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක් වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ වසර ගණනාවක් පුරාවට තමන් ජීවත් වූ පරිසරය සහ ඔවුන්ගේ ජීවන ක්‍රමයට හානියක් නොවන ආකාරයට අධිවේගී මාර්ග සහ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතු බවයි.

ගම්පහ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් පැවැති දීර්ග සාකච්චාවේදී තීරණය වූයේ අවශ්‍ය ජනතාව පීඩාවට පත්වීම වැලැක්වීම සදහා අවශ්‍ය වුවහොත් අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරීමකට වුවද පියවර ගන්නා බවයි.

ඒ අනුව ගංවතුර පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අධිවේගී මාර්ගය සැලසුම් නැවත අධ්‍යයනය කොට ඊට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා

පසුගිය වැසි සමයන් වල අවස්ථා දෙකකදී ගම්පහ නගරය ගංවතුරෙන් යට වුණා. ඒකට හේතුව වෙලා තියෙන්නේ අධිවේගී මාර්ගය ඉදි කිරීම සහ දුම්රිය මාර්ගය ගැටෙන ස්ථාන වල පවතින තත්වයන්. ඒ වගේම අපි දන්නවා කෙටි කාලසීමාවක් තුළ අධික වර්ෂාපතනයක් පතිත වීමත් මේකට එක හේතුවක් වෙලා තියනවා. බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් නායකයා වශයෙන් ඉන්නකොට ඇළි වේලි මීට අවුරුදු පහළොවකට කලින් පිළිසකර කලා . නමුත් ඊට පසුව අද වෙනතුරු කිසි කෙනෙක් ඒ සම්බන්ධව අවධානය යොමු කරල නැහැ. පවතින තත්වය තුළ ගම්පහ අධිවේගී මාර්ගය සැලසුම් සම්බන්ධයෙන් නැවත අධ්‍යනයක් කරන්න අද තීරණය වුණා. 2015ට පෙර මධ්‍යම අධිවේගී මාර්ගය සැලසුම් සකස් කරලා තිබුණේ කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් වශයෙන්. මහින්ද රාජපක්ෂ රජය සමයේ කණු මතින් ඉදි වෙන මාර්ගයක් වශයෙන් මේ අධිවේගී මාර්ගය සැලසුම් කර තිබුනත් පසුගිය රජය සැලසුම් වෙනස් කලා. සැලසුම් කල පරිදි ඉදිකිරීම් සිදුවුනානම් ගංවතුර ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. නමුත් යහපාලන ආණ්ඩුව කාලේ වියදම අඩුකරන්න මාර්ගය පස්වලින් පුරවා සකස් කරන්න කටයුතු කරලා තිබුණා. ඒ නිසා දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව තාක්ෂණික වශයෙන් නැවත සලකා බැලීමට අපි තීරණය කළා. ඒවගේම අවහිර වුනු ඇළවේලි බෝක්කු සම්බන්ධයෙන් සොයා බලලා ජනතාවට හානියක් කරදරයක් නොවන ආකාරයට මේ අධිවේගී මාර්ගය ඉදි කිරීම් සිදුකල යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මේ තත්ත්වයෙන් මුදවා ගැනීම අවශ්‍ය සියලු කටයුතු අපි සිදු කරනවා. ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මධ්‍යම අධිවේගී මාර්ගය සැලසුම් නැවත අධ්‍යයනය කිරීම සිදු කෙරෙනවා.

මහාමර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා

පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ගම්පහ ආසනයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව චෝදනා කළේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා මේ ගංවතුර තත්ත්වය ඇතිවුණු බවටයි. ඒ පිළිබඳව මධ්‍යම අධිවේගී මාර්ගයට උපදේශකත්වය දෙන සියලුම ඉංජිනේරුවරුන් වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින් දිස්ත්‍රික් ලේකම්වරයා සහ දේශපාලන නායකත්වයෙන් අද අපි විශේෂ සාකච්ඡාවක් කළා.
ඒ සාකච්ඡාවේදී අපි ජනතාව මතුකල කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළා. මේ අධිවේගී මාර්ගය නිසා ද ගම්පහ යට උනේ කියලා අපි එහිදී කරුණු විමසා සිටියා.
එහිදී මතු වුණු ප්‍රධාන කාරණාවක් වන්නේ අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා ඉදිකර ඇති අතුරු මාර්ග ඉදිකිරීමේදී ජලය බැස යන මාර්ග සකස් නොකිරීම නිසා මෙම ගංවතුර තත්ත්වය ඇතිවූ බව . ඒ නිසා එම තත්ත්වය වහාම නිවැරදි කරලා ජනතාවට සහන සලසන්න අපි තීරණය කළා . ඉදිරි සතියක කාලය තුලදී තාවකාලිකව ඉදි කර ඇති මාර්ග සහ කාණු පද්ධතිය නිවැරදිව සකස් කිරිම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙනු ඇති. විශේෂයෙන්ම වත්තල ජා ඇල ප්‍රදේශය ජලයෙන් යට වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ වගුරුබිම් ගොඩකර ගොඩ කරගෙන ජනතාව විශාල ප්‍රමාණයක් අනවසර ඉදිකිරීම් සිදුකිරීමයි. මේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මාර්ගයෙන් වාර්තාවක් සකස් කර සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන්නට අපි තීරණය කළා. ජාඇල ඇළ මාර්ගය ඉදිකිරිමේදී වර්ෂාපතනයත් සමඟ ලැබෙන වැඩි ජලය ප්‍රමාණය මුතුරාජවෙල පහත් බිම්වලට ගලා යන ආකාරයට සකස් කොට තිබුණා. නමුත් අද වන විට ඒ මාර්ග සියල්ල අවහිර වෙලා තිබෙනවා. අනවසර ඉඩම් කුණුකොල්ලෙට අරගෙන ඔප්පු හදාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා . ඒ සියල්ල නැවත රජයට පවරා ගෙන සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ගැලීම් නවත්වන්න අපි කටයුතු කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභූත චෝදනා කරනවුන් උපදින්නේ නිරයේම තමයි…

Next Post

චමුදිත හෙට කොළඹ අපරාධ කොට්ඨාශයට

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.