සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභියෝග බාරගන් කවුරුත් හිටියෙ නෑ කියමින් මං වැඩ්ඩා පාට් එකේ  රට වටේ යන ජනාධිපති  කියන්නෙ පට්ටපල් බොරුවක්…  ඩලස් හේතුව කියයි…

by editor
අප්‍රේල් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය-

රටේ පැවති පසුගිය අර්බුදය හමුවේ වගකීම භාර ගැනීමට  කිසිවෙක් නොසිටි බවත් සියල්ලන්ම හැංගුන බවත් අභියෝගය භාර ගත්තේ තමා පමණක් බවත් යැයි පවසමින් රට වටේ යන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසන්නේ  පට්ටපල් බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම අද (10) ප්‍රකාශ කළේය. 

තමන් ඇතුළු විපක්ෂයේ බොහෝ කණ්ඩායම්   ඒ බරපතළ අභියෝගය භාරගත් අවධාරණය කළ ඩලස් අලහප්පෙරුම් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් බයේ හැංගුනේ නැති බව පෙන්වා දුන්නේය. 

දේශපාලන පරස්පරතා තිබුණත් ඔවුන් වෙනුවෙන් සාධාරණය  ඉටුකල යුතු බව කි ඩලස් අලප්පෙරුම කීවේ සජිත් සහ අනුර දෙදෙනාම ගෝඨාභය ජනාධිපති ධූරයෙන් ඉවත් වෙනවානම් එම අභියෝගය භාර ගැනීමට සූදානම් සිටි බව සිහි කළේය. පොහොට්ටු ඇමති මණ්ඩලයක් සහ පාර්ලිමේන්තුවක් සමග සජිත් හෝ අනුර ආණ්ඩු කරන්නේ කෙසේ දැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විමසුවෙය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කිය.

“සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාටත් බයේ හැංගුනා යනුවෙන් චෝදනා කරනවා. දේශපාලන පරස්පරතා තිබුණත් ඔවුන් දෙදෙනාටත් සාධාරණත්වය ඉටුකල යුතුයි. සජිත් සහ අනුර දෙන්නම කිව්වේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වෙනවා නම්, මේ අභියෝගය භාරගන්නවා කියල. පොහොට්ටුවේ ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් එක්ක සජිත් හෝ අනුර කොහොමද ආණ්ඩු කරන්නේ. ඒ නිසා, ඒ දෙන්නා බයවෙලා, හැංගිලා මේක භාරගන්නේ නෑ කියන ලොකු බොරුවක්.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නව අවුරුදු උදාවේ සිට හරියටම සති 25 කින් ඒ කියන්නෙ, දින  176 කින් මේ රටේ නව වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි. ජනාධිපතිවරණය පවත්වයිද? නැද්ද? මහමැතිවරණය පැවැත්වයිද? වෙන මැතිවරණයක් ඊට පෙර එයිද?  නැද්ද? යන කාරණාවන් පිළිබඳ කිසිදු ආකාරයක සැකයක් සංඛාවක් තියාගන්න එපා. ඒවා සියල්ල ආණ්ඩුව විසින් ඇති කරනු ලබන මාධ්‍ය බුබුළු. පළමුවෙන් තියන්නේ ජනාධිපතිවරණය. ඒක  නියතයක්.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරණය නිශ්චිත දිනයන්හිදි  පැවැත්විය යුතුමයි. ඒ අනුව, නව වසර උදා වී අප්‍රේල් 14 සිට හරියටම දින 93 කින් නිසැක වශයෙන්ම මැතිවරණ කොමිසමට සිදුවෙනවා ජනාධිපතිවරණය නිවේදනය කරන්න. ඒ වගේම, දින 114 කින් නාමයෝජනා කැඳවීම ජනාධිපතිවරණ පනතට අනුව සිදුවිය යුතුයි. එනම්, 2024 අගෝස්තු පළමු සතිය තුළ නාමයෝජනා කැදවීම නීතියට අනුව කරන්න වෙනවා.

ඒ වගේම, නව අවුරුදු උදාවේ සිට හරියටම සති විසි පහකින් ඒ කියන්නෙ දින වශයෙන් ගත්තොත් දින 176 කින් පමණ මේ රටේ නව වැනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකියි. නව ජනාධිපතිවරයෙක්, නව අගමැතිවරයෙක් නව කැබිනට් මණ්ඩලයක් පත්වීම නියතයක්. ඒ නිසා, ජනාධිපතිවරණයට දින 176 ආසන්න වූ මොහොතේ, වර්තමාන පාලකයන් සිදුකරමින් සිටින රට විකුණන න්‍යායපත්‍ර, එහෙම නැත්නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටේ මූලික නීතිය උල්ලංඝනය කරන තීන්දු තීරණ ගැනීම පාලකයින්ගේ දේශපාලන සෞඛ්‍යයට බරපතළ ලෙස අහිතකර වන බව කියන්න කැමතියි.

ඒ වගේම, ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා වන හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ එතුමාගේ නිවස ඉදිරිපිට බැනර් එකක් ප්‍රදර්ශනය කරනවා අපි දැක්කා. ඔහු පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිවයි එම බැනරය ප්‍රදර්ශණය කළේ. ඔහු ප්‍රකාශ කරනවා මැතිවරණ කල්දැමීම ඒකාධිපතිත්වයට අත වැනීමක් කියලා. ඒක තමයි ඇත්ත. වත්මන් පාලකයින් මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. 

අද (10) සිට හරියටම දින 176 කින් නව නායකත්වයක් මේ රටට ලැබෙන නිසා, කිසිවෙක් මේ රට තමන්ගේ පුද්ගලික බූදලයක් කියා හෝ මේ රට තමාගේ කොම්පැනියක් කියා හෝ තමන්ගේ පවුලේ බූදලයක් කියා සිතා කටයුතු නොක යුතුයි. එම නිහඬ බලකිරීම අපි මේ අවස්ථාවේදී සිදු කරනු ලබනවා. 

ඒ වගේම, අපේ සංස්කෘතික පිළිගැනීමට අනුව, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමට ආසන්න මේ මොහොතේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය නිරවුල් කර ගැනීම සඳහා හිටපු රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන. දශක තුනක් රට පාලනය කල හිටපු ජනාධිපතිවරියක් සහ ජනාධිපතිවරුන් තිදෙනෙක් අප රටේ ඉන්නවා. මේ සිව් දෙනාම නඩත්තු වෙන්නේ බිලියන ගණනාවක මහජනතාවගේ බදු මුදල් වලින්. එවැනි  පසුබිමක මේ අය පක්ෂ දේශපාලනය කරන එක, මැතිවරණ දේශපාලනය කරන එක යුක්ති සහගත නැහැ. එම නිසා, මගේ ඉල්ලීම,  කරුණාකරලා ඔබ සියලු දෙනා පක්ෂ දේශපාලනයෙන් සහ මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න. මහජනතාව බිලියන ගණනක් බදු වියදම් කරන්නේ කිසියම් පක්ෂයක ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රචාරණය වෙනුවෙන් නොවන බව ඔවුන් තේරුම් ගත යුතුයි.

අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළේ ඇමෙරිකන් ජනාධිපති ක්‍රමය සහ ප්‍රංශයේ ක්‍රමය යන ක්‍රමයන් උදාහරණයට අරගෙන. නමුත් ඇමරිකාවේ  ජනාධිපතිවරු 46 ක්  අතරින් එකම එක ජනාධිපතිවරයෙක් පමණයි ජනාධිපති පදවියේ සිට කොංග්‍රස් මණ්ඩලයට නැවත තරග කළේ. එය සිදුවෙලා තිබෙන්නේද 1830 තරම් වූ ඈත යුගයකදී. ඇමරිකාවේ 06 වැනි ජනාධිපති ජෝන් කුවන්සි ඇඩම් එසේ පත්ව තිබෙනවා.  ප්‍රංශයේ එවන් දෙයක් කවදාවත් සිදුවෙලා නෑ. පළවෙනි පුරවැසියෙක් එහෙම හෑල්ලු වෙන එක රටට හොඳ නෑ. අපේ රටේ විධායක ජනාධිපතිවරුන්ගේ මේ හැසිරීම එක පැත්තකින් අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි. අනෙක් පැත්තෙන්, මහජනතාවගේ බදු මුදල්වලට සිදු කරන නිග්‍රහයක්, අසාධාරණයක්, අවමානයක්.

ඇමරිකාවේ ප්‍රංශයේ නෙමෙයි, අපේ රටේ ඉතිහාසය ගෙන බැලුවත් දේශපාලනය සම්බන්ධයෙන් කුමන මතවාද ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණත් ජේ ආර් ජයවර්ධන පළමු විධායක ජනාධිපතිවරයා ක්‍රියාවෙන්ම අපට ඒ ආදර්ශය ලබා දී තිබෙනවා.  ජනාධිපති ධුරය හෙබවීමෙන් පසු මිය යන තෙක් කිසිදු ක්‍රියාකාරී දේශපාලන ක්‍රියාවලියකට ඔහු සහභාගී වුණේ නැහැ. අඩුම ගනනේ ඔහුවත් ආදර්ශයට ගන්න මේ විශ්‍රාමික ජනාධිපතිවරුන් සිව් දෙනා කටයුතු කල යුතුයි. 

කරුණාකර තරුණ පරම්පරාව, මේ මහපොළොව ඉල්ලන නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් මහජනතාවගේ බදු මුදල් වලට ගරු කරමින් පළමු පුරවැසියාගේ පරමාදර්ශී භූමිකාවකට ඇතුල් වන්නැයි ගෞරව පෙරදැරිව මා ඒ සිව් දෙනාගෙන් නැවත නැවත් ඉල්ලා සිටිනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප්‍රේල් 15 නිවාඩු!

Next Post

ධීවර කොල්ලයට උතුරු මුහුදට පැමිණි ඉන්ධීය ධීවරයින් දෙපිරිසක් මුුහුද මැද මරා ගනිති… 07 දෙනෙකුට තුවාලයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.