අප්‍රේල් 15 නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර ඇත.
අලුත් අවුරුදු චාරිත්‍රයක්වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනි දිනට යෙදී ඇති බැවින් එදින ප්‍රසිද්ධ රජයේ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් දැනුම් දී තිබේ.
මේ සම්බන්ධ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහත දැක්වේ.








