අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඳේට කුඹුරු කළ පොලොන්නරුව සිවිල් ආරක්ෂකයන්ගෙන් බලකා මූලස්ථානය  ටොන් 13ක අතිරේක ගැහිල්ලක් !

ගහන වී වල වටිනාකම රුපියල් දහතුන් ලක්ෂ පනස් දාහක් පනී...

by Lanka Sara Editor
ඔක්තෝබර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අඳ  කුඹුරු ලෙස තමන් මෙවර යල කන්නයේ වගා කරන ලද අක්කර දෙකහමාරක වී වගාවෙන් වී කිලෝ දාහක් බලකා මූලස්ථානයට ලබාදෙන ලෙසට ගිවිසුම්ගත වුවද මේ වෙනවිට එක් සිවිල් ආරක්ෂක නිලධාරීයෙකුගෙන් වී කිලෝ 1050 ක් එකතු කිරීමේ ජාවාරමක් පොලොන්නරුව බලකා මුලස්ථානය විසින් සිදුකරන බව, අසාධාරණයට පත් සිවිල් ආරක්ෂකයෝ සඳහන් කරති.

මෙවර යල කන්නයේ පොලොන්නරුව සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ සිවිල් ආරක්ෂකයින් 220 කට වැඩි පිරිසක් තම කුඹුරු වගා කරගැනීමට වැටුප් ලබමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර ඇති අතර ඔවුන්ගෙන් කන්නයකට වී කිලෝ ‍1000 ක ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බවට ගිවිසුම් ගතව ඇත.
මීට අමතරව සිවිල් ආරක්ෂක බලකායට අයත් කුඹුරු කීපයක් සිවිල් ආරක්ෂකයින් 50 දෙනෙකු පමණ වගා කරන අතර ඉන් එක් අයෙකු වී කිලෝ 1250ක් ලබාදිය යුතු වුවද ඔවුන්ගෙන්ද වී කිලෝ 1300 ක ප්‍රමාණයක් එකතු කරන බව සිවිල් ආරක්ෂකයෝ චෝදනා කරති.
ඒ අනුව ආසන්න වශයෙන් සිවිල් ආරක්ෂකයින් 270කින් පමණ වී කිලෝ 50 බැගින් එකතු කරගැනීමෙන් කන්නයකට අමතරව තමන්ගෙන්  වී කිලෝ 13,500 ක ප්‍රමාණයක් වැඩි වශයෙන් එක්තු කරන බවත්, ඒ අනුව වී කිලෝවක් ,රුපියල් සියය බැගින් අලෙවි කළහොත් බලකා මූලස්ථානයට කන්නයකට එකතු වන 13,50,000 ට මුදල රජයට නොලැබෙන බවද සිවිල් ආරක්ෂකයින් පෙන්වා දෙති.
එක් සිවිල් ආරක්ෂක නිලධාරීයෙකුගෙන් අමතරව ගන්නා වී කිලෝ 50 ට කුමක් සිදුවේද යන්න පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, තමන්ගෙන් වී කිලෝ දාහක් පමණක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද පොලොන්නරුව සිවිල් ආරක්ෂක නිලධාරීන් රජයෙන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිති.
අප මේ පිළිබඳව පොලොන්නරුව සිවිල් ආරක්ෂක බලකා අණදෙන නිලධාරි කර්නල් ජයපති පොන්වීරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වී කිලෝ 1050 ක ප්‍රමාණයක් එකතු කරන්නේ වියළි බර ලෙසත්, එළඹෙන කන්නයේ සිට සිවිල් ආරක්ෂකයෙකුගෙන් වී කිලෝ 850 ක් පමණක් එකතු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත්ය.
,
තවද වැටුප් ලබමින් මාස පහකට අධික කාලයක් සිවිල් ආරක්ෂකයෙකු තම කුඹුරු වගා කිරීමට නිදහස් කර ඇති බවත්, ඒ වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් වැටුප් ලබාදුන්නද සිවිල් ආරක්ෂකයෙකුගෙන් රජයට වී කිලෝ දාහකින් ලැබෙන්නේ රුපියල් එක් ලක්ෂ විසිදහසකදාහක් පමණ මුදලක් බවත් ඔහු පවසයි,

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යක්කලමුල්ලේ කුරුඳු වාඩියේදී වෙඩි වැදුණු දරුවා මිය යයි

Next Post

ඇෆ්ගන් වැසියන්ටත් කෑම බීම හිඟවෙයි !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.