(ලලිත් චාමින්ද)
යක්කලමුල්ල කලුවලගල කුරුදුවාඩියක් තුළ වු වෙඩිතැබිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා අද (30) උදැසන මියගිය බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ අනුත්හසරැල් නැමති යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඉකුත් 19 වැනිදින යක්කලමුල්ල මා ගෙදර කරුවලගල ප්‍රදේශයේ කුරුදු වාඩියක් තුල වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් මෙකි සිව් හැවිරිදි දරුවා හා තවත් අයෙකුබරපතළ තුවාල ලබා රෝහල්ගතකොට තිබුණි. වෙඩි ප්‍රහාරයට ලක්විමෙන් සිව්හැවිරිදි දරුවාගේ උදරයට බරපතල තුවාල වි තිබුණි. මෙකි දරුවා ශල්‍යකර්මයකට භාජනය කොට තිබු අතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මෙම දරුවා මියගියේය.
මෙකි වෙඩි ප්‍රහාරයට ලක්විමෙන් මිටිපෙර කුරුඳු වාඩිය තුළ කුරුදු තලමින් සිටි වෙඩික්කරැගේ සමන් කුමාර (33)නැමැති අයෙක් මියගියේය.යතුරුපැදියකින් පැමිණි තිදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට තිබුණි. ඝාතනයට සම්බන්ද සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා යක්කලමුල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි.







