දිනසේන රතුගමගේ –
පුරා සතියක් තිස්සේ උතුරු පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මෙතෙක් අවසන් වී නොමැති වීමත් අද (25) අලුයම් කාලයේ සිට එම වර්ෂාව තවත් වැඩි වී තිබීමත් හේතුවෙන් ව්‍යසනයට පත්වූ උතුරේ ජන ජීවිතයට සහන සැලසීමේ ප්‍රමුඛම කාර්යයක් ලෙස අද ආරම්භවන අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත සිසුන් විභාග මධ්‍යස්ථාන කරා නිසි වේලාවට රැගෙන යාමට උතුරු ප්‍රදේශයේ යුද හමුදා නිලධාරීන් හා පොලීසිය විශාල මෙහෙයුමක් අරඹා තිබේ.
මේ මෙහෙයුම අඹා ඇත්තේ වව් වාන් දැමීමෙන්, පාලම් බිඳී යෑමෙන් ගමනා ගමනය ඇණහිට ගම් නගර අතර සම්බන්ධතා බිඳී ගොස් ඇති දුෂ්කර වටපිටාවකය.
මුලතිව් වට්ටුවාකල් පාලම කැඩී ගොස් කලපුවේ ජලය පාලම මතින් ගලා යන්නට පටන් ගැනීම නිසා මුලතිව් දක්වා යන මාර්ගය වැසී ගොස් ඇත. වාහන ගමනාගමනයට විශාල බාධාවක් එල්ල වී තිබේ.

මුලතිව් හා කිළිනොච්චි පළාත්වල වැව් පිරී ඉතිරී වාන් දැමීම නිසා වාන් ජලයෙන් මහා මාර්ග යට ගොස්ය. මේ වනවිට ගම්මාන හා නගර අතර තිබූ සම්බන් ධකම් බිදවැටී ඇත.
වවුනියාවේ පේරාරු ජලාශය පිරී ඉතිරී වාන් මට්ටමට පැමිණීමත් සමගම එහි ප්‍රධාන දොරටු දෙකක් විවෘත කොට තිබේ. එම ජලාශයේ වාන් ජලය පහත් බිම් වලට ගලා යාම නිසා නිවාස ගණනාවක්ම ජලයෙන් යටවී ජලගැල්මකට ලක්වය.
මේ තත්ත්වය මත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය මිලට ගැනීමට එම ගම්මානවල වැසියන්ට නිසි තැනක් නොමැති වී ගොස් තිබේ.
මේ අධි ආන්තික කාලගුණ තත්ත්වය හේතුවෙන් 25 දා උදෑසන වන විට යාපනය මන්නාරම මුලතිව් කිළිනොච්චිය හා වවුනියාව යන පළාත් වල පවුල් දස දහසකට පමණ උන් හිටිතැන් අහිමි වී ගියේය.

විපතට පත් පවුල් වහාම ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට යුද හමුදාව ආපදා කලමනාකරණ මධ්‍යස්ථා නිලධාරීන් පොලීසිය ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් පියවර ගෙන තිබිණි.
විපතට පත් පුද්ගලයින්ට පිසූ ආහාර සපයා දීමට ඒ ඒ පළාත්වල දිසාපතිවරුන් කඩිනම් පියවර ගෙන ඇතත් ආහාර පිසීමේ කටයුතු සිදු කිරීට මහා වර්ෂාව විශාල බාධාවක් වී තිබේ.
අධික වර්ෂාවට හසු වූ උතුරේ වැසියන්ගේ ආර්ථිකයට විශාල පදනමක් දැමූ ගොවි බිම් සේම හරකුන් එලුවන් හා කුකුළන් වැනි ගොවිපල සතුන් විශාල ප්‍රමාණයක් ජලයේ ගසා ගෙන ගොස් ඇ







