අනුරාධපුර පූජා නගරය මැදින් ජේතවනාරාම විහාර මායිමේ ගලා යන හාල්පානු ඇළේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
අනුරාධපුර කොහොඹ ගස් හංදිය එපිට හාල්පානු ඇළේ තිබූ අනන්‍යතාවය තහවුරු කර නොගත් එම කාන්තා මළ සිරුර දින පහක් පමණ පරණ වන බව ද එම කාන්තාවගේ සිරුර මේ වන විට දිය වෙමින් ඇති බව ද පොලිසිය පවසයි.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.
මෙම ප්‍රදේශයේ දැඩි දුගඳක් පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ වගා කටයුතුවල නියුතු ගොවි මහතෙකු ඒ පිලිබඳව විපරම් කරඇති අතර එහිදී මෙම මළ සිරුර දැක ඇත.
අනතුරුව ඔහු ප්‍රදේශවාසීන් ද දැනුවත් කර මේ පිළිබඳව අනුරාධපුර පොලිසියට දැනුම් දී තිබේ.
අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







