ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත අහෝසි කිරීම, එම පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිහස් කිරීම, බඩුමිල බදු බර අඩුකිරීම, අධ්‍යාපනය විකිණීම වැලක්වීම යන ප්‍රධාන කාරණා මූල්කරගෙන අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර ඇති යුක්තිය උදෙසා ජන පෙළගැස්මේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් අද දිවයිනම ආවරණය වන ආකාරයට දියත් වී තිබිණි.
කොළඹ ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, අනුරාධපුර, මඩකලපුව, අම්පාර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රික්කවල පැවැත්වූ මෙම දැනුම්වත් කිරීම් වැඩසටහන් වලට සමගාමීව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ නිදහස් කරගැනීම වෙනුවෙන් වූ ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීම ද සිදුවිය.
අති විශාල උනන්දුවකින් යුතුව පිරිස් සිය අත්සන් එක් කරනු සෑම ප්‍රදේශයකින්ම වාර්තා වී තිබිණි.









