යුරෝපය, දකුණු ඇමරිකාව හා නැගෙනහිර ආසියාවේ වෙළෙඳපළ වෙත, 2025-26 වන විට ප්‍රධාන අපනයන භාණ්ඩය බවට ‘වන්දේ භාරත් දුම්රිය’ පත් කිරීමට අපේක්ෂාවෙන් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු පැවසූ බව ‘ද ඉකොනොමික් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි. ඉදිරි වසර කිහිපය තුළ දී දුම්රිය අපනයනය වෙනුවෙන් දුම්රිය 75ක් කිලෝමීටර් ලක්ෂ 10- 12ක දුරක් දිවවීමට බලාපොරොත්තු වෙන බව ද, එම නිළධාරියාව පවසා තිබේ.
“දුම්රිය අපනයනය කිරීමේ පරිසර පද්ධතිය ඉදිරි වසර දෙක තුන තුළ නිර්මාණය කළ යුතුයි. ඉදිරි වසර තුන තුළ වන්දේ භාරත් දුම්රිය 475ක් නිෂ්පාදනය කිරීමට අපි අපි කටයුතු කරමින් සිටින අතර ඒවා සාර්ථකව ධාවනය වූ පසු, ගෝලීය වෙළෙඳපොළ තුළ අප කෙරෙහි විශ්වාසයක් ඇති වේවි.. වන්දේ භාර්ත නිෂ්පාදනය වන්නේ සියලුම ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලමින්..” ඔහු සඳහන් කරයි.
මෙම දුම්රියවල ධාවන දර්ශකයන් තුනක් ඇත. එයින් අදහස් වන්නේ මඟීන්ට කිසිදු කම්පනයක් නොමැති බවයි. එලෙසම මෙයින් නිකුත් වන්නේ ඩෙසිබල් 65ක ශබ්දයක් වන අතර එය ගුවන් යානාවක ශබ්දයට වඩා සිය ගුණයකින් අඩුය.
මේ වන විට පැයට කිලෝමීටර් 220ක වේගයෙන් ගමන් කළ හැකි අන්දමේ දුම්රිය මාර්ගයන් ද එරට නිර්මාණය කරමින් සිටියි.