සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තර්වාර පාලනයක් සඳහා කිසිසේත් එන්නෙ නෑ… ඊට හොඳයි දේශපාලනයෙන් සමු ගන්නවා…“ සජිත් කියයි!

විශ්වාස භංගය ඉදිරිපත් කිරීමත් ආණ්ඩුකරණයත් කියන්නෙ දෙකක් කියලා මතක තියාගන්න... සජිත්ගේ කතාවෙන් රට පැටලෙයි!

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර්වාර පාලනයක් සඳහා තමන් කිසිසේත්ම එකඟ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (26) මහනුවර දී ප්‍රකාශ කළේය. සමගි ජනබලවේගයේ විරෝධතා පා ගමන ඇරඹීමට පෙර මහා නායක හිමිවරුන් හමුවී මාධ්‍යය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එවැනි ආණ්ඩුවලට සහභාගී වනවාට වඩා දේශපාලන්යෙන් සමු ගැනීම යහපත් බව ඔහු කීවේය.  එම වචනය කිසිම ආකාරයකින් වෙනස් නොකරන බවත් ජනවරමක් නැති ආණ්ඩුකරණයක් සඳහා තමන් කිසිසේත්ම දායක වන්නේ නැති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස විශ්වාසභංග හෝ දෝෂාභියෝගත් ආණ්ඩුකරණයත් එකක් නොවන බව කීවේය.  අන්තර්වාර පාලනයක් කිසිසේත්ම ප්‍රශ්නවලට විසඳුමක් නොවන බව ඔහු පැවසුවේය.

විපක්ෂ නායකවරයා කීවේ මෙසේය.

“ජන වරම තියෙන්නෙ අපට විපක්ෂයේ කාර්යභාර්යය කරන්න.  කිසිම වෙලාවක කිසිම දවසක ජනවරමක් නැතිව සමගි ජනබලවේගයත්,  සමගි ජන සන්ධානයත් ආණ්ඩුකරණයට  රටක් පාලනය කරන තැනකට එන්නෙ නෑ. එහෙම කරන්න බෑ. මේක දේශපාලන සූදුවක් නොවෙයි. මේක දේශපාලන සංගීත පුටු තරගයක් නොවෙයි. ඔයා මගෙ ඇඳුම අඳින්න. මම ඔයාගෙ ඇඳුම අඳින්නම්. ඔයා මගෙ තනතුර ගන්න. මම ඔයාගෙ තනතුර ගන්නම්. අහවලා ජනාධිපති වෙන්න මෙයා ඇමති වෙන්න…  අහවලා අගමැති වෙන්න … මොකක් ද මේ වෙන්නේ.“

“ මේක 225   ඇතුළෙ සිදුවන ගනුදෙණුවක්.  සම්පූර්ණයෙන්  ලක්ෂ 220ක ජනතාව අමතක කරලා කරන කූඨ  ක්‍රියාවක්.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“විශ්වාසභංග දෝෂාභියෝග කියන්නෙ එකක්. ආණ්ඩු බිහි කරනවා කියන්නෙ තව  එකක්. අද ගාලු මුවදොර පිටියෙ සහ රටේ හැම තැනම කියන්නෙ මොකක් ද?. වර්තමාන ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි. අගමැතිවරයා ඉවත් විය යුතුයි. ආණ්ඩුව ඉවත් වෙන්න ඕන. හොරු අල්ලන්න ඕන. හොරා කාපු සල්ලි අරගෙන එන්න ඕන.“

“මොහොතකට හිතන්න. මේ ඇත්තො එක්ක ගිහිල්ලා ආණ්ඩු කරන්න පුලුවන් ද?.

“නමුත් වගකීම් දරන්න සූදානම්. වගකීම් භාරගන්න සූදානම්.  ඒ මන්ත්‍රී මණ්ඩල අතර කරන ඩීල්වලින් නෙමෙයි. සූදු වලින් නෙමෙයි. මහජන වරමින්. මහජනතාව තීරණය කරනකොට අපි සුදානම් වගකීම් භාර අරගෙන කටයුතු කරන්න.“

අන්තර්කාලීන ආණ්ඩුව ගැන අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේ පැවසුවේය.

“අන්තර්කාලීන ආණ්ඩුවකින් පුලුවන් ද රටේ හොරා කාපු සල්ලි ගේන්න. අන්තර් කාලීන ආණ්ඩුවකින් වෙන්නෙ හොරු නොවන අයත් හොරු වෙන එක.  මට අන්තර්කාලීන ආණ්ඩුවලට ගිහින් ඊලඟ රංගනයට යන්න කියල ද?.“

“ඊට වඩා මට සැපයි දේශපාලනයෙන් විශ්‍රාම යන එක. මම මේ වචනය මොනම හේතුවකටවත් වෙනස් කරන්නෙ නෑ.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා සහන වංචා කිරීමට තැත් කළ චීන ජාතිකයෙකුට සිව් වසරක සිර දඩුවමක

Next Post

මුදල් ඇමති අලි සබ්‍රි අධිකරණ ඇමති ධුරයේත් දිවුරුම් දෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.