අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්ත දූෂිතයෙක් පැන්නුවාම ඒ වෙනුවට බදු වංචාකරයෙක් පාර්ලිමේන්තුවට ගෙනත්…

දියසෙන්ලා පහළ වෙලා රට වෙනස් කරන්නෙ නෑ... වෙනස සොයා ගත යුත්තෙ අපමයි.... ගෝල්ෆේස් අරගලකරුවෝ කියති...

by editor
ජූනි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීම මෙම මජර දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියේ ම දිඟුවක් බව ගෝෆේස් අරගලකරුවෝ ප්‍රකාශ කරති.

එම අරගල භූමියෙන් බිහි වුණු  Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත අද ධම්මික පෙරේරා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ  කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ විමුක්ති දුෂාන්ත මේ නව පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිකයා සම්බන්ධව  වැඩිදුරටත් මෙසේ පැවසීය.

“අපිට මතකයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2015 පරාජයට පත් වෙන්න එක් හේතුවක් වුණු රතුපස්වල මිලේච්ඡ වෙඩි තැබීම. මේ වෙඩි තැබීමට හේතුවුණු රතුපස්වල ජලය විෂ කරපු කර්මාන්ත ශාලාවේ  ධම්මික පෙරේරාට අයත් සමාගමක්. අපි දැක්කා ඒ වෙලාවේ මේ පාලකයෝ හිටගත්තේ ජනතාව වෙනුවෙන් ද ධම්මිකලා වෙනුවෙන් ද කියලා.

එහි දිගුවක් ම තමයි මේ. දැන් ධම්මිකලා මේ රාජපක්ෂ දේශපාලනය ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ දූෂිත වලල්ල එක පැත්තකින් මේ රාජපක්ෂ දේශපාලනය පෝෂණය කරනවා. අනිත් පැත්තෙන් මේ බදු වංචා වලට සම්බන්ධ රාජපක්ෂලාගේ කළු සල්ලි ආරක්ෂා කරන ව්‍යාපාරිකයෝ පෝෂණය කරනවා. මේකේ කූටප්‍රාප්තිය තමයි මේ ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු ආගමනය.

දියසේන කුමාරයා වගේ රනිල්ලා, ධම්මිකලා  පැමිණ මේ රට බේරා ගන්නේ නැති බවත්, මේ ජයග්‍රහණය අත්පත් කරගත හැක්කේ අප අපටම බවත් කී අරගලකරුවෝ    මේ ජයග්‍රහණ ලබා දෙනකම් ගෝල්ෆේස්  දෙස බලා නොඉඳ    ලඟම මංසන්ධියට එකතුව ජනතා බලය පෙන්වන ලෙස ඉල්ලා සිටියහ.

එක්සත් ජාතීන්ගේ තක්සේරුව ප්‍රකාරව රටේ 22% ක් උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දීමට නියමිත බවත්, ඒ වටපිටාව තුළත් පාලකයින් සූදු කෙළිනවිට සූදු කාරයින් කැසිනෝකාරයින් පාර්ලිමේන්තුවට එ විට රටේ ජනතාවට අත්වන ඉරණම බෙහෙවින්ම ඛේදනීය වනු ඇති බව ඔවුහු පැවසූ.

“මේ ක්‍රමය අපි තවත් නඩත්තු කරන්න ඕනේ ද? දියසේන කුමාරයා ඇවිල්ලා අපිව බේරගන්නකම් බලා ඉන්නවද? අපි හැමදාම නායකයෝ දිහා බලාගෙන හිටියා.  හැබැයි දැන් අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න. නායකයෝ පක්ෂ මාරු වුණාට මාරු නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය වෙන්න ඕනේ. ඒක තමා අපේ ඉදිරිය තීරණය කරන බලවේගය වෙන්න ඕනේ.“

Black Cap Movement සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න අවසාන වශයෙන් මාධ්‍ය අමතා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොලිවුඩ් සුපිරි නළු සලමන් ඛාන් ඝාතන තැතක් හෙළි වෙයි…

Next Post

අන්තිමේ දි දිනුවා… තුන්වන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.