අවසානයේ දී ප්‍රාර්ථනා කළ ජයග්‍රහණය අත්පත් කරගත්තේය. ඒ බිඳවැටීම් අටෝරාශික් මැදය.
තියුණු තරඟයකින් අනතුරුව ඕස්ට්‍රේලියාව සමඟ පැවති 03 වන T20 තරගයෙන් කඩුළු 04ක් ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේය.
තරගය පැවැත්වුනේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දීය.
කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමය. නායක ආරොන් ෆින්ච් මුලින්ම පිතිකරණය තේරුවේය. ආරම්භක පිතිකරුවන් වන ඩේවිඩ් වොර්නර් ලකුණු 39ක් සහ ආරොන් ෆින්ච් ලකුණු 29ක් ලැබූහ. ස්ටීවන් ස්මිත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 27ක දී නොදැවී ලකුණු 37ක් ලැබීය. කඩුළු රකින ක්‍රීඩක මකස් ස්ටොනික් පන්දු 23ක දී ලකුණු 38ක් රැස් කළේය. පන්ද ඕව 20 අවසානයේ දී ලකුණු 136ක තියුණු ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබිනි. පනුදු යැවීමේ දී ආබාධයට ලක් වූ බවකී නමුත් යළිත් කණ්ඩායමට කැඳවූ මතීෂ තීක්ෂණ පන්දු ඕවර 04ක් යවා ලකුණු 25කට කඩුළු 02ක් ලැබීය. වනිඳු හසරංග සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුල්ල බැගින් ලැබූහ.
පිළිතු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු යුවල වේගවත් ප්‍රහාරයක් ආරම්භ කළහ. ධනුෂ්ක ගුණතිලක එක් හයේ පරහක් හා හතරේ පහරක් සමගින් පන්දු 12ක දී ලකුණු 15ක් ලැබුවේය. සීමාව අසලදී අසීරු උඩපන්දුවක් රැකගත් හෙසල්වුඩ් ඔහුගේ ඉනිම නිමා කළේය. චරිත් අසලංක වේගවත් ලකුණු 26ක් රැස් කළේය. පැතුම් නිශ්ශංක පන්දු 25ක දී ලකුණු 27ක් ද භාණුක රාජපක්ෂ පන්දු 13ක දී ලකුණු 17ක් ලැබුවේය.
භාණුකගේ දැවී යෑමෙන් පසු පිටිය මැද අසරණ ක්‍රීඩා විලාශයක් පෙන්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 6කට පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ම නිසා දැවී යත්ම තරගය මුලුමනින්ම ඔස්ට්‍රේලියානුවන් අතට පත්වනු පෙනුනි. ඕවර 13.5ක දී ලකුණු 98ට 05වන කඩුල්ල දැවී ගිය විට පන්දු 37ක දී ලකුණු 79ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි විය.
එම ජයග්‍රහණය ඔස්ට්‍රේලියානුවන් සතු එකක් බව සියල්ලන්ම විශ්වාස කළේ වනිඳු හසරංග පන්දු 07කට මුහුණ දී ලකුණු 08කට දැවී යෑමත් සමගය . ඒ වනවිට පන්දු ඕවර 15.4කි. ලකුණු පුවරුව 108කි. පන්සු 26ක දී ලකුණු 69ක් ලබා ගත යුතුය. චාමික කරුණාරත්න පිටියට පැමිණ නායක දසුන් ශානකට එකතු වුනේය.
පෞරුෂය සහිත සටන්කාමීත්වයත්, ආත්ම විශ්වාසයත් සහිත නායකයෙකුට මහා කුණාටු මැද කණ්ඩායමක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි බව දසුන් ශානක පෙන්නුවේය. අනතුරුව ඇරඹුනේ ගිනි කෙළි සංදර්ශනයකි. නුවර නරඹන්නෝ භාග්‍යවන්තයෝ වූහ. එය එවැනිම ඉනිමකි.
පන්දු 25ක දී ලකුණු 54ක්.. හතරේ පහර 05ක්. හයේ පහර 04ක්… නොදැවී ඉඳිමින් තරය ජයග්‍රහණය කළ දසුන් ශානක නායකයෙක් යනු කවරෙක් විය හැකිදැයි රටට කියා දුන්නේය. ඔහු මේ වගකීම් සහගත ඉනිම ක්‍රීඩා කරන්නේ කණ්ඩායම ලජ්ජා සහගත පරාජයන් දෙකක් සහිතව මානසිකව බිඳවැටී සිටියදී ය.
අනෙක් අන්තයේ සිට විශිෂ්ට සහයක් නායකයාට ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 10ක දී ලකුණු 14ක් ලැබීය. ඒ හතරේ පහර 02ක් සමගිනි.
බාලපොරොත්තු ගිලිහී ගිය රටට ජයග්‍රහණය පිළිබඳ කතාවක් කියන්නට දසුන් ට හැකි විය.
තරඟාවලියේ ජය 2-1ක් ලෙස ඕස්ට්‍රෙලියානුවන් සතු විය.