අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සිතාසි නිකුත් කරන්නේද නැද්ද යන පිළිබඳ තීරණය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (13) ප්‍රකාශ කළේය.
අරගලකරුවන්ට ඇප ලබාදීම විෂයෙහි අධිකරණ විනිසුරුවරුන් හැසිරී ඇති ආකාරය සම්බන්ධව විවේචනයක් කරමින් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මාධ්‍ය හමුවකදි කළ ප්‍රකාශයක් මුල් කරගෙන මෙම නඩුව ගොනු කර තිබේ.
එම ප්‍රකාශය වීඩියෝ සාක්ෂි සහිතව නීතිඥවරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණහ. ඒ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ සනත් නිශාන්ත අධිකරණයට අපහාසවන ආකාරයේ ප්‍රකාශයක් කළා ද නැද්ද යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙසය.
ඒ අතර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතීඥවරුන් දෙදෙනෙකු විසින් අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධව පෙත්සම් දෙකක් අභියාචනාධිකරණයේ ගොනු කළේය.
ඉදිරිපත් කළ එම පෙත්සම් දෙක විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ හමුවේ අද සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරුන් ප්‍රකාශ කළේ සනත් නිශාන්තට එරෙහිව සිතාසි යොමු කරන්නේ ද නැද්ද යන්න ලබන 29 වැනිදා ප්‍රකාශ කරන බවය.







